Type Here to Get Search Results !

තෙල් මිල ශත පනහකින් හෝ අඩු කරනවා..- ඇමති


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ඉදිරි කාලයේදී තෙල් මිල ශත 50කින් හෝ අඩු වීමට ඉඩ ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ ය.

 

කෙසේ වෙතත්, නුදුරේදීම මැතිවරණයක් පැවැත්වීමේ කිසිදු අදහසක් නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

 

“පුනරුද යුගයේ ඉංජිනේරු වෘත්තිකයන්ගේ කාර්යභාරය” මැයෙන් ජාතික විද්වත් සංවිධානය විසින් සංවිධානය කරන ලද රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු වෘත්තිකයන්ගේ හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, පසුගිය දිනවල ජනතාව තෙල් මිල ඉහළ යනු ඇතැයි යන අපේක්ෂාවෙන් අනවශ්‍ය ලෙස තෙල් ගබඩා කරගෙන ඇති බවයි. එහෙත් එවැනි ක්‍රියාවන්ගෙන් කිසිදු ඵලක් නොවන බවත්, තෙල් මිල අනිවාර්යයෙන්ම පහත වැටෙනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.

 

තෙල් මිල කොපමණකින් අඩුවනු ඇත්දැයි නිශ්චිතවම කිව නොහැකි වුවද, අඩුවීමක් සිදුවන බවට සහතික විය හැකි බව අමාත්‍ය ජයකොඩි මහතා සඳහන් කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads