Type Here to Get Search Results !

දෙදෙනෙකු පැහැරගෙන ගොස් වෙඩි තියයි.. අයෙක් මරුට..




 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ඊයේ (ජූලි 30) රාත්‍රියේ කහවත්ත, ඇන්දාන මාර්ගයේ උඩහවුපේ ප්‍රදේශයේදී 22 හැවිරිදි තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ.

කහවත්ත, බුංගිරිය ප්‍රදේශයේ පදිංචි ඉමන්ත සුරංජන නැමැති තරුණයායි මෙලෙස ඝාතනයට ලක්ව ඇත.

පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක්වූ තරුණයා සමඟ සිටි තවත් තරුණයෙකු ජීප් රථයකින් පැහැරගෙන ගොස් ඇති බවයි. කිලෝමීටර් කිහිපයක් ගිය පසු එම වාහනයෙන් තරුණයින් දෙදෙනාම බස්සවා දෙදෙනාටම වෙඩි තබා තිබේ.

වෙඩි වැදුණු අනෙක් තරුණයා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ පාදයකට වෙඩි වැදී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම වෙඩි තැබීමට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීම බවට සැක පලවේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads