Type Here to Get Search Results !

හරිනි ෆේල්, “මෝඩ පිනා අපිට එපා” පාසල් සිසුවෝ එක්ව විදුහල්පතිවරු එළවන තැනට රට වැටේ


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා සිසුන්, ආදි සිසුන් සහ දෙමාපියන් එක්ව දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමෙන් අනතුරුව, අදාළ විදුහල්පතිවරයා විදුහලෙන් බැහැරව ගොස් තිබේ.

5,000ක් පමණ සිසුන් අධ්‍යාපනය ලබන මෙම විදුහලේ විදුහල්පතිවරයාගේ දුර්වල කළමනාකරණය හේතුවෙන් පාසලට දැඩි අසාධාරණයක් සිදුවන බව විරෝධතාකරුවෝ චෝදනා කළහ.

විරෝධතාවට 2,000කට අධික පිරිසක් එක්ව සිටි අතර, ඔවුන් ප්‍රකාශ කළේ විදුහල්පතිවරයා විද්‍යාලයට පැමිණ මාස 3ක් වැනි කෙටි කලක් තුළ, වසර 107ක ඉතිහාසයක් ඇති බණ්ඩාරනායක විදුහලට දරුණු ඉරණමකට මුහුණ දීමට සිදුව ඇති බවයි.

එසේම අදාළ විදුහල්පතිවරයා ඊට පෙර උප විදුහල්පති ධූරයක හෝ කටයුතු කර නොමැති බවත් එසේ කිසිඳු පළපුරුද්දක් නොමැති පුද්ගලයන් රටේ ප්‍රධාන ජාතික පාසල්වල විදුහල්පතිවරු ලෙස පත්කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය වගකිවයුතු බවටද සඳහන් කෙරිණ.

විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම විදුහල්පතිවරයා මුලින්ම කෑගල්ල ප්‍රදේශයේ විදුහලකට නිර්දේශ කර තිබුණද, දේශපාලන බලපෑම් හේතුවෙන් ඔහුව බණ්ඩාරනායක විදුහලට යොමු කර ඇති බවයි.

මෙම තත්ත්වය හමුවේ අදාළ විදුහල්පතිවරයා වහාම ඉවත් කර, දක්ෂ හා පළපුරුදු විදුහල්පතිවරයෙකු පත් කරන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

ආදි සිසුන් සහ දෙමාපියන් එක්ව ආරම්භ කළ මෙම විරෝධතාව පසුව උණුසුම් මුහුණුවරක් ගත් අතර, ඒ සඳහා පාසලේ සිසුන් ද එක් විය. එහිදී සිසුන් “මෝඩ පිනා අපිට එපා” වැනි සටන් පාඨ කියමින් පාසල අභ්‍යන්තරයේද උනුසුම් තත්ත්වයක් උද්ගත විය.

මෙසේ විරෝධතා උත්සන්න වීමත් සමඟ විදුහල්පතිවරයා පාසලෙන් පිටව යන අයුරු දක්නට ලැබුණි. මෙම සිදුවීමත් සමඟ බණ්ඩාරනායක විද්‍යාලයේ පරිපාලනය පිළිබඳව නැවත වරක් ප්‍රශ්න මතුව තිබේ.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා ඉවත් කිරීම වත්මන් ආණ්ඩුවේ ගම්පහ දේශපාලඥයකු සම්බන්ධ බවටද සමාජ මාධ්‍ය තුළ චෝදනා එල්ල කර තිබූ අතර , කෙසේවෙතත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර, අදාළ පත්වීම් අධ්‍යාපන අමාත්‍යංශය සහ රාජ්‍ය සේවා කොමිසම විසින් නියමිත ක්‍රමවේදයට සිදුකර ඇති බව පවසා තිබිණ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads