සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
බත්තරමුල්ල පැලවත්තේ පිහිටා ඇති ජනතා විමුක්ති පෙරවුණේ ප්‍රධාන කාර්යාලයට මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.
පොලිසියට අමතරව විශේෂ කාර්ය බළකා නිලධාරින්ද එම ආරක්ෂාව සඳහා යොදවා ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩු කටයුත්ත අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවෙයි.
ඒ හේතුවෙන් විපක්ෂ ආධාරකරුවන් කොළඹට රැස්වෙතැයි ලැබී ඇති තොරතුරු මත ස්ථාන රැසකට පොලිස් ආරක්ෂාව මේ වන විට යොදා ඇත.
කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය ආසන්නේ කැරළි මර්දන ඒකක ද යොදවා තිබේ.
අතැම් ප්‍රවේශ මාර්ගයන් වසා දැමීමට කටයුතු කර ඇති අතර මාර්ග බාධක ද ස්ථානගත කර තිබේ.