සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
නොතීසි නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තවමත් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඔහුගේ මාලඹේ පිහිටි නිවසේ නොතීසි දැන්වීම් අලවා ඇත.
මෙම දැන්වීම් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අලවා තිබේ. හිටපු අමාත්‍යවරයාට එළඹෙන අගෝස්තු 29 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් පෙරේදා (20) නොතීසි නිකුත් කරන ලදී.
කිරින්ද ධීවර වරායේ වැලි ඉවත්කිරීමේ ව්‍යාපෘතියක් අවිධිමත්ව සිදුකිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව අල්ලස් කොමිසම විසින් කරුණු දක්වන ලදී. එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.


