සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ඊසානදිග ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට අද රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව ඇත.
අැසාම් ප්‍රාන්ත ආපදා කළමනාකරණ අධිකාරියට අනුව, මෙම භූ කම්පනය ප.ව. 4:41 ට පමණ සටහන් වී ඇති අතර, එහි කේන්ද්‍රය උදල්ගුරි දිස්ත්‍රික්කයේ නොගැඹුරු ගැඹුරකින් පිහිටා තිබේ.
භූ කම්පනය නිසා අවට ප්‍රදේශවලට දැඩි කම්පන දැනී ඇති අතර, භීතියට පත් ජනතාව නිවෙස්වලින් පිටතට දිව ගිය බව වාර්තා වේ.
කෙසේ වෙතත්, රජයේ නිලධාරීන් තහවුරු කළේ කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් පිළිබඳව මේ දක්වා වාර්තා වී නොමැති බවයි.
අධික භූ කම්පන අවදානම් කලාපයක පිහිටි අසාම් ප්‍රාන්තයට මෙවැනි භූ කම්පන නිතරම සිදුවේ.
2021 වසරේදී සොනිට්පූර් දිස්ත්‍රික්කයට රික්ටර් මාපකයේ 6.4 ක භූ කම්පනයක් සිදුවූ අතර, එය නගර කිහිපයකට ව්‍යුහාත්මක හානි සිදු කළේය.