Type Here to Get Search Results !

අලුත් නායයෑම් සඳහා ලක්ෂ 50 දෙන්නේ නෑ.. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පැහැදිලි කරයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ නායයෑම් සඳහා ලබා දුන් රුපියල් ලක්ෂ 50ක විශේෂ වන්දි මුදල, ඉදිරියේදී සිදුවන නායයෑම් සඳහා ලබා දීමට හැකියාවක් නොමැති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.


ඊයේ (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ ‘දිට්වා’ කුණාටුවෙන් පසු මේ දිනවල සිදුවන නායයෑම් සම්බන්ධයෙන් ජනතාව නිවැරදිව දැනුවත් විය යුතු බවයි.


රජයේ සාමාන්‍ය ක්‍රමවේදය යටතේ නායයෑමක් නිසා නිවසක් අහිමි වූවෙකුට නිවසක් තනා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 12ක් සහ ඉඩමක් සඳහා රුපියල් ලක්ෂ 4ක් බැගින් ලබා දෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


‘දිට්වා’ කුණාටුවෙන් සිදු වූ අතිවිශාල විනාශය සලකා බැලූ රජය, එම අවස්ථාවේදී පමණක් රුපියල් ලක්ෂ 50ක විශේෂ වන්දි මුදලක් පිරිනැමීමට තීන්දු කළ බව හෙතෙම සඳහන් කළේය.


කෙසේ වෙතත්, සාමාන්‍ය ක්‍රමවේදය යටතේ මෙතෙක් නායයෑමක් වෙනුවෙන් ලබා දුන් රුපියල් ලක්ෂ 16ක සම්පූර්ණ මුදල මෙවර අයවැයෙන් රුපියල් ලක්ෂ 25 දක්වා ඉහළ නංවා ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.


“දිට්වාට පස්සේ මේ දිනවල සිදුවන නායයෑම් සඳහා ලක්ෂ 50 බැගින් ලබානොදෙන බවට ජනතාව දැනුවත් කරන්න ඕනේ. හැබැයි අපි මෙතෙක් ලබාදුන්නු ලක්ෂ 16ක මුදල ලක්ෂ 25 දක්වා වැඩි කරලා තියෙනවා,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads