Type Here to Get Search Results !

අපි මන්ත්‍රී වරප්‍රසාද ගන්නෑ.. මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ගන්නවා..- මාලිමා මන්ත්‍රී


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මැතිවරණයට පෙර ප්‍රකාශ කළ ආකාරයටම තම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිසිදු වරප්‍රසාදයක් නොගෙන ජනතා සේවයට කැපවී සිටින බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ කිසිදු මැති ඇමතිවරයෙකු කොළඹින් නිළ නිවාස ගෙන නොමැති බවත් ඔවුන් මාදිවෙල මන්ත්‍රී නිළ නිවාසවල ජීවත්වන බවත්ය.

දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමින් රුවන් මාපලගම මහතා මේ බව ප්‍රකාශ කළේ ජනතාවට පොරොන්දු වූ ආකාරයටම නිල නිවාස, නිල වාහන ආදී මන්ත්‍රී වරප්‍රසාද නොගෙන කටයුතු නොකරන්නේ දැයි සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක ප්‍රියංකර මහගම්මුල්ලගේ මහතා කරන ලද විමසීමට පිළිතුරු වශයෙනි.

මහගම්මුල්ලගේ මහතා ප්‍රකාශ කළේ මාදිවෙල මන්ත්‍රී නිවාස යනු මන්ත්‍රී වරප්‍රසාදයක් බවත් එය මන්ත්‍රීවරුන්ට මිස ජනතාවට ලබා නොදෙන බවයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads