සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින්, ස්වභාවික ආපදාවකදී තමන් ආපදාවට ලක් නොවීම පිළිබඳව ගම්වල ජනතාව කණගාටුවට පත්වන අමුතුම ආකාරයේ තත්ත්වයක් වර්තමානයේ නිර්මාණය වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පවසයි.
සිරස රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, පසුගියදා ඇති වූ සුළි කුණාටු තත්ත්වය පසුව ගම්මානවල ජනතාව තුළ මෙවැනි ආකල්පයක් වර්ධනය වී ඇති බවයි.
මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.
"ස්වභාවික විපතකට පස්සේ අපේ ගම්වල ජනතාව දුකට පත්වුණා මේ ආපදාවට තමන් ලක් නොවීම පිළිබඳව. ඒ කියන්නේ තමන්ගේ ගෙදරට වතුර දැම්මේ නැහැනේ කියලා ඔවුන් දුක් වෙනවා. මේ තත්ත්වයට හේතුව සහනාධාර ලබාදීමේ ක්‍රමයයි. අසල්වැසියාගේ ගෙදරට වතුර දැම්මහම රුපියල් 25,000ක මුදලක් ලැබෙනවා. ඒ වගේම ගෘහ උපකරණ ලබාගන්නත් වෙනම මුදලක් දෙනවා. මේ සහනාධාර මුදල් ලැබීම දකින විට තමන්ට ඒ අවස්ථාව අහිමි වීම ගැන මිනිස්සු කණගාටු වෙනවා"


