Type Here to Get Search Results !

‘මං සෑහීමට පත්වෙන්නෑ’ කියා මුදල් ලේකම්ට එරෙහි වරප්‍රසාද යෝජනාව කතානායක ප්‍රතික්ෂේප කරයි...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට එරෙහිව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නය පිළිබඳ යෝජනාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මෙම යෝජනාවේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බැවින් එය භාරගත නොහැකි බව කතානායකවරයා සභාවට දැනුම් දුන්නේය.

මුදල් ලේකම්වරයා විසින් මහා භාණ්ඩාගාරයේ මුදල් වංචනික ලෙස පරිබාහිර පාර්ශ්ව අතට පත්වීමේ සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවට තොරතුරු වාර්තා නොකිරීම, රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීම මඟ හැරීම, කෝප් කමිටුවට (COPE) කරුණු ඉදිරිපත් කිරීම පැහැර හැරීම ආදී කරුණු කිහිපයක් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කර ඇති බවට දයාසිරි ජයසේකර මහතා මතු කර තිබුණි

කතානායකවරයාගේ තීරණය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළ ජයසේකර මහතා, අදාළ යෝජනාව තුළ කරුණු රැසක් තිබියදී එය ප්‍රතික්ෂේප කිරීම වැරදි සහගත බව පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව තමන් අන්තර් පාර්ලිමේන්තු සංගමයට (IPU) පැමිණිලි කරන බවත්, මෙවැනි ක්‍රියාකලාප නිසා ඇතැම් නිලධාරීන්ට විදේශගත වීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් ඔහු පැවසීය.

එමෙන්ම, හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ පුරවැසිභාවය පිළිබඳ තොරතුරු වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කළ යුතු බවත්, බිමල් රත්නායක මහතාගේ මැදිහත්වීම මත තමන්ට හිමි අවස්ථාව අහිමි වූ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads