මතක...
1:43 PM
0
මතක...
දෑත් බැද අපි එකට
ඇවිද ගිය මග දිගේ__
නුඹ යාවි අද තනිව
මම නොමැත ළග නුඹේ__
එදා අපි තරු ගැනපු
වැව ගාව ගල්තලේ__
අදත් ඒ රහස් ඇති
හංග ගෙන වැව් දියේ__
තවම මම අහස දෙස
බලාගෙන හිතුමතේ__
අඩනවා හැමදාම
නුඹ දන්නවද අනේ__
ඇසේ නම් මගෙ සුසුම්
ඉන්න තැනකට නුඹේ__
දන්වලා එවනවද
කදෝපැණි එළි දිගේ__
නිර්මණය :- පූර්ණිමා එම් විතානගේ



