Type Here to Get Search Results !

මීතොටමුල්ල


මීතොටමුල්ල

බැරි බර දරා සිටි ඒ මීතොටමුල්ල
ඇද හැලුණාය අරගෙන ජීවිත බිල්ල
නැති කර දමා ගම් දොර වල සැනසිල්ල
කවුරුද දෙවියනේ වගකිව යුතු ගොල්ල

අසරණ වූවන්ගෙ ඇසෙනා වැලපිල්ල
කදුළැලි ගලයි ඇසිපිය හට නැත මෙල්ල
වගකිව යුත්තනේ ඇස් ඇර බලපල්ල
උන් හට ගෙනේවා මුවගට හසරැල්ල

නිර්මාණය :- පූර්ණිමා එම් විතානගේ

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads