Type Here to Get Search Results !

නුඹ අතැර ගිය හිතක


නුඹ අතැර ගිය හිතක

නුඹ අතැර ගිය හිතක
පැලපදියම් වුන
මතක ජීවය
තවමත් මා නතු කරගෙන
හුස්ම අල්ලනවා
මේ මොහොතෙත්
යස අගේට.....

වෛවර්ණ තැන්වල මගේත්
ශෝකීය පිටු අතර නුඹේත්
බොඳවූ අත් අකුරු
ගැලපුවා හරි අමාරුවෙන්
ලද එක් විරාමයකදි
මම....

වියත් විරහව
පබැඳ තිබුනා අපි
බොළඳ ආදරයටත් වඩා
හරි අපූරුවට.......

පුදුමයි මටත්
එදා සිටි
නුඹ සහ මා ගැන
අද.......

නිර්මාණය :- දුල්ශ්  ( Facebook )

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads