Type Here to Get Search Results !

නීමෝ කියන්නේ කව්ද?


සුවිශේෂී පුද්ගලයෙකුගේ බල්ලකු වීම වුවත් එතරම් ලේසි පහසු කාර්යයක් නොවේ.

ප්‍රංශයේ සම්ප්‍රදායක්ව පවතින ජනාධිපතිවරයා විසින් ඇති දැඩි කරන බල්ලා ලෙස නම් දැරීමට 'නීමෝ' නම් කළු පැහැති සුනඛයකු මුල් වී තිබෙනවා.

මෙම සුනඛයා ලැබ්රඩෝ ග්‍රිෆන් දෙමුහුන් වර්ගයට අයත් යැයි සැළකෙනවා.

අවුරුදු 02ක් වයසැති සුනඛයා යුරෝ 250ක මුදලකට මිලදීගෙන ඇතැයි සඳහන්.

මැක්රොන්ගේ පළමු සුනඛයා වීමට වරම් ලද නීමෝ හිමිකාරයෙක් නොමැතිව සිටි බවයි වාර්තා වන්නේ.

පසුගියදා නයිජීරියාවේ ජනපති, මැක්රොන් හමු වූ අවස්ථාවේ නීමෝ ද එම උණුසුම් පිළිගැනීමට එක් වී සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.



Top Post Ad

Below Post Ad

Ads