Type Here to Get Search Results !

කැරට් මුද්ද.


ඇය Mary Grams,  84 හැවිරිදි කැනේඩියානු ජාතික කාන්තාවක්.

වසර 13කට පෙර වූ සිදුවීම හොදින් මතකය.

ඇයගේ මංගල මුදුව  2004 වසරේදී අස්ථානගත  වූයේ එළවලු වගාවක් අතරේ.

පවුලේ උදවිය නඩත්තු කරන එළවලු වගාවට  මේ හේතුව නිසාම  වැඩි අවධානයක්  යොමු වුනා.

මංගල මුදුව නැතිවීම පිළිබඳ ස්වාමිපුරුෂයා සිටියේ ඇයට දොස් පවරමින්. කොහොම උණත්  ඔවුන්ගේ පුත්‍රයා විසින්  ආදේශක මුදුවක් මිලදී ගෙන ලබා දී තිබුණා.

වසර ගණනක්  එහි කටයුතුවල නියැලී  පුද්ගලයන් ද 'මංගල මුදුව'   බැහැර කර තිබුනේ නැහැ.

එහෙත් තවත් වසර කිහිපයක් ගෙවෙන විට  පවුලේ කිසියම් අයෙක් Mary Gramsගේ මුදුව ගැන සිහිපත් කරන්නේ කලාතුරකින්. නමුත්  Mary Grams ට නම් මංගල මුදුව නැතිවීම දිවියට ලොකු අඩුවක් වූවා.

පවුලේ වගා බිමේ  කාලයක් තිස්සේ විවධ බෝග අස්වනු  ඵල දරුවා. වසර 13කට පසු කැරට්  හමුවූ දෙයකින් පළාතම පාහේ විශ්මයට පත් වූයේ මෙපුවත පැතිර ගිය නිසා.

හමුවුයේ වෙන කිසිවක් නොව නැතිවූ  මංගල මුදුවයි. කැරට්  අලයක් වැඩී   තිබුණේ හරියට මුදුව පැළඳි අකාරයෙන්.

ඇයගේ ලේලිය කොලීන් ඩාලි.  රාත්‍රී ආහාරය  සඳහා  එළවලු ව්‍යංජනයක් සකස් කිරීමටයි සැළසුම් කළේ.  කැරට් අල ගලවා ගන්නට ගියේ වගා බිමට.

කැරට් ගලවා නිවසට ගෙනත් සෝදා පිරිසිදු කරන විට 'අමුතු කැරට්' අලයක් දුටුවා.  වෙනස වටහාගන්නට වැඩි කාලයක් ගත වුනේ නැහැ. Mary Grams ගේ ලේලියට හමු වූ මුදුව ගැන සැකයක් නොතිබුණේ එහි අතීතය දන්නා බැවින්.

වසර 13ක් මුදුව මෙම ගොවි බිමෙහිම රැඳී තිබීම පුදුමයක්.

Mary Grams ගේ සැමියා මීට  වසර 5කට පෙර මිය ගොස් තිබුණා.

 අස්ථානගතව තිබූ දියමන්ති මුදුවක් කැරට් අලයකින් හමු වූ පළමු වතාව මෙය නොවන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

2011 දී ස්වීඩන් කාන්තාවකට  ඇගේ මංගල මුදුව  හමුව තිබුනේ  අවුරුදු 16කට පසුව කැරට් අලයක් සමගයි.



Top Post Ad

Below Post Ad

Ads