Type Here to Get Search Results !

ගල්කිස්ස මහ හෝටලයේ ඔබ නොදත් දේ (Photos)


ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා වූ ෆෙඩ්රික් නෝත් 1805 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ඉවත් කිරීමත් සමඟ අවිවාහක වයස 46 ක් වන තෝමස් මේට්ලන්ඩ් පත් කරයි.

රොඩී ජාති සිටින ගමක පිහිටි ගොඩනැගිල්ලකදී මොහු ලොවීනා අපොන්සු නම් තාරුණිය සමඟ පෙම් බැඳෙයි.. 

මේට්ලන්ඩ් යුගයෙන් පසු ආණ්ඩුකාරවරුන් කිහිපදෙනෙකු මෙය භාවිතයට ගෙන තිබේ. පසු කාලීනව එය ගල්කිස්ස මහා හෝටලය නම් විය. 

නිධානයක් ඇති ගලක් අනුසාරයෙන් ගල්කිස්සට සිය සිංහල නම ලැබුනද ඉංග්‍රීසියෙන් Mount Lavinia නාමය අදටත් පවතී. 

මේ ගොඩනැගිල්ලේ මේට්ලන්ඩ් කාලයේ වසා දැමූ උමං මගේ කොනක තිබු වයින් ගබඩාව අදටත් ප්‍රධාන මුළුතැන්ගෙය ලෙස භාවිතා වෙයි. 

දෙවන ලෝක යුධ සමයේ මෙය රෝහලක් ලෙසද භාවිතාකොට ඇත.ලෝකප්‍රසිද්ද චිත්‍රපටයක් වන ද බ්‍රිජ් ඕන ද රිවර් චිත්‍රපටයේ දර්ශන පෙලක්ද මෙහි රූ ගතකොට ඇත.

මෙට්ලන් ලොවීනා ප්‍රේම කතාවේ ප්‍රතිඵලයක් ලෙස මෙය ලංකාවට ලැබී ඇත යන්න පොත පතෙහි සඳහන් වෙයි..



Top Post Ad

Below Post Ad

Ads