දකුණු අප්‍රිකාවේ නැගෙනහිර ප්‍රාන්තයේ ගම්මානයක මිනිස් රුවක් සහිත එලු පැටවකු උපත ලබා තිඛෙනවා. මෙම ප්‍රදේශයේ ගොවියන් 4000 ක් පමණ වාසය කරන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මෙම සත්වයා උපත ලැබීමෙන් පසු ගම්වැසියන් තරමක් බියට පත්ව ඇතැයිද විදෙස් වාර්තා අනාවරන කර තිඛෙනවා. පැරණි ජන විශ්වාස හේතුවෙන් ජනතාව බියට පත්ව සිටියද වෛද්‍ය වරුන් පරික්ෂා කිරීමේදී අනාවරන වී තිබුණේ පැටවාගේ මවට වෛරසයක් ආසාදනය වීමෙන් මෙම තත්වය ඇතිවී ඇති බවයි.
කෙසේවෙතත් ගම්වැසියන් සදහන් කරන්නේ යක්ෂ බැල්මක් හේතුවෙන් මෙලෙස සත්වයා උපත ලබා ඇති අතර එමගින් ගම්මානයට කරදරයක් සිදුවිය හැකි බවයි. කෙසේවෙතත් මෙම සත්වයා දින කිහිපයකින් පසු මියගොස් තිඛෙනවා.



