Type Here to Get Search Results !

දිව අඟල් 7.3ක් දිග අමුතු සුනඛයා (Photos)


‘මෝචි’ ජීවත්වන්නේ එක්සත් ජනපදයේ දකුණු ඩකෝටා ප්‍රාන්තයේයි. දැන් ඇයගේ වයස අවුරුදු අටක්. මේ බලු සුරතලියගේ නම ගිනස් ලෝක වාර්තා පොතට එක් විය. ඒ මිහිපිට සිටින ‘දිගම දිව සහිත සුනඛයා’ ලෙසින්. ඇය කාත් කවුරුත් නොමැතිව අසරණව සිටියදී සත්ව ක්‍රියාධරයන් විසින් බේරාගනු ලැබ, සත්ත්ව අනාථාගාරයක සෙවන ලැබ තිබුණා.

කලකට පසු, මෝචි තම නිවසට රැගෙන ගොස් රැකබලා ගැනීමට කාලා රිකට් ඉදිරිපත් වුණා. මෝචි, කාලාගේ නිවසට පැමිණ දැන් වසර හය හමාරක් පමණ ගතවී  හමාරයි.

“අනාථාගාරයක සිටි මෝචි අපි ළඟට ඇවිත් අවුරුදු හය හමාරක් වෙනවා. ඇගේ දිව අඟල් හතයි දශම තුනක් දිගයි.” කාලා රිකට් සදහන් කර තිඛෙනවා.

මෝචිගේ ඡායාරූප ගිනස් ලෝක වාර්තා පොතේ පිටු අතරට එක්වුණා. “ගිනස් වාර්තා පොත පෙරළලා බලනකොට මෝචිගේ පින්තූර අපි දැක්ක. එතකොට අපිට හරිම ආඩම්බරයක් දැනෙනවා,” යැයි මෝචිගේ භාරකාරිය වන කාලා ප්‍රකාශ කලා.

අඟල් 7.3ක් (සෙන්ටිමීටර 18.6ක්) දිගින් යුත් දිවක් සහිත මෝචි විසින් නිවස පුරා හළනු ලබන ඛේඨය පිසදමා පිරිසිදු කිරීමට වසර හය හමාරක් තිස්සේ වූ මහන්සිය අපතේ නොගිය බව ඇය සදහන් කරන්නේ ඉතා සතුටින්.



Top Post Ad

Below Post Ad

Ads