ෆේස්බුක් සහ තවත් සංවිදාන 27 ක් එක් ව අද දින ලාභ නොලබන ආයතනයක් නිර්මාණය කර ගෙන තියෙනවා. මෙහි නම ඒත් සමග ම නව මුදල් ඒකකයක් Libra නමින් හදුන්වා දීමට ද කටයුතු කර තිබෙනවා. Libra හි කාර්‍යභාරය ලෙස හදුන්වන්නේ ලෝකය පුරා විසිරී සිටින බිලියන ගණනක පුද්ගලයින් වෙනුවෙන් සරල ගෝලීය ආර්තික යටිතල පහසුකම් සපයා දීමයි. එය බ්ලොක්චේන් තාක්ෂණයෙන් බල ගැන්වෙන අතර 2020 දී දියත් කිරීමට නියමිතයි.
ජංගම මුදල් භාවිතයට හැකි වීම මිනිසුන් ගේ ජීවිත කෙරෙහි ධනාත්මක බලපෑමක් කළ හැකි ය. මන්ද එවිට සෑම විටම මුදල් රැගෙන යායුතු නැත. එය ආරක්ෂිත නැත. එමෙන් ම මාරු වීම වලදී අමතර ගාස්තු ගෙවීමට ද සිදු වේ. සාම්ප්‍රදායික බැංකු හෝ මූල්‍ය සේවාවන් සදහා ප්‍රවේශයන් නොමැති අය සදහා මෙම ක්‍රමය වඩා හොද වේ. එනම්, මේ වන විට බැංකු ගිණුමක් නැති වුවද ජංගම දුරකතනයක් හිමි පුද්ගලයින් බිලියනයක් පමණ ජීවත් වේ.
ෆේස්බුක් සමාගම සමග අත්වැල් බැදගන්නා ගෝලීය සමාගම් 27 අනෙකුත් අපගේ ඇප් වලින් ඔබ චායාරූප හා පණිවුඩ ක්ෂනිකව හුවමාරු කර ගන්නවා සේ මෙම ක්‍රමය භාවිතාවෙන් ඕනෑම අයෙකුට පහසුවෙන් මුදල් යැවීමට හා ආපසු ලබා ගැනීමට හැකි ලෙස මෙය නිර්මාණය කර තිබෙනවා. මෙම ක්‍රමය සක්‍රීය කිරීම සදහා කැලිබ්‍රා නමින් ස්වාදීන අනුබද්ද ආයතනයක් අපි නිර්මාණය කර තිබෙනවා. එමගින් ඔබට Libra ව යැවීමට , සුරැකීමට හා වියදම් කිරීමට හැකිවනු ඇත. ඉන් අනතුරුව whatAsp හා messenger හි ඇති ඩිජිටල් පසුම්බියකින් හා ඊළග වස්‍රේ තනි ඇපල් ඇප්ලිකේශන් එකක් ආරම්භ කරනු ඇත.
