රුපියල් ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවකට කාන්තාවක් ඝාතනය කිරිම සදහා සැලසුම් කළ සැකකාරියක් හා සැකකරුවෙකු ඊයේ (17) අත්අඩංගුවට ගත් බැව් ගාල්ල පොලිසිය පවසනවා.
පොලිසිය විසින් උපාය දූතයින් යොදවා මාගාල්ල ප්‍රදේශයේදී මෙම සැකකාරිය හා සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොන්ත්‍රාත්තුවකට ඝාතනය කිරිමට සැලසුම්කොට තිබි ඇත්තේ උණවටුණ ප්‍රදේශයේ හෝටලක් පවත්වාගෙන යන කාන්තාවකි.
එම කාන්තාවගේ සැමියා ඇයගෙන් වෙන්වී ස්විඩනයේ පදිංචිව සිටින අතර ඇය මෙකි හෝටලයෙන් පන්නා දැමිමාට ඔහුට අවශ්‍ය වී තිබෙනවා. ඒ අනුව මෙකි පුද්ගලයා ස්විඩනයේ සිට තමන්ගෙන් වෙන්වී සිටින බිරිද මැරිම සදහා රුපියල් ලක්ෂ 30 කොන්ත්‍රාත්තුවක් සැකකාර කාන්තාවට ලබා දෙන බවට පොරොන්දුවි තිබෙනවා.
සැකකාර කාන්තාව ගාල්ලේ එක්තරා ප්‍රාදේශීය සභාවක ලිපිකාරිණියක ලෙස සේවය කරන අතර ඇය තවත් අයෙකු මේ සදහා සම්බන්ද කරගෙන මෙකි කාන්තාව ඝාතනය කිරිමට සැලසුම් කොට තිබෙනවා. පසුව උණවටුණ ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන කාන්තාව තමන් ඝාතනය කිරිමට පිරිසක් සිටින බවට ගාල්ල දිසාවභාර නියෝජ්‍ය පොලිස්පතිවරයට පැමිණිලි කොට තිබෙනවා.
සැකකරුවන් අම්බලන්ගොඩ කුලිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මොවුන් විසින් අදාල කාන්තාව මාගාල්ල ප්‍රදේශයට රැගෙන විත් ඇයගේ ඡයාරුපගෙන වයිබර් මගින් ස්විඩනයේ සිටින පුද්ගලයාට යවා ඇති අතර ඒ සමග සැකකාර කාන්තාවගේ ගිණුමට ලක්ෂ 20ක මුදලක් බැරකොට ඇති බවද පොලිසිය පවසනවා.
