Type Here to Get Search Results !

ඔබත් මහත කෙනෙක්ද? කෙට්ටුවෙන්න ලේසිම විදිහ මෙන්න


උසේ ප්‍රමාණයට වඩා බර වැඩි වෙන එක අපේ රටේ කාන්තාවන්ගෙන් සියයට 70 කට තියෙන ප්‍රශ්නයක්. මේ තත්ත්වය දිගින් දිගයම පැවැතුණොත් අතුරු ආබාධ රැසක් ඇති වෙන්න පුළුවන්. එය ඍජුවම බලපාන්නේ පාදවල අස්ථිවලට. පාදවල සන්ධිපත් ඉදිමීම, නහර ගැට ගැසීම වගේ දේවල් ඇති වෙන්න මෙය හේතු වෙන්න පුළුවන්. ඒ නිසා සිරුරේ බර අඩු කර ගැනීම ඉතාම වැදගත්. සිරුරේ බර අඩු කර ගන්න ලොකු දේවල් කරන්න ඕනෙ නැහැ. බොහොම සරල, පහසු ක්‍රමවලින් බර අඩු කර ගන්න පුළුවන්.

ගැඹුරින් හුස්ම ගන්න

මේ සඳහා හොඳම ක්‍රමයක් විදියට හඳුන්වා දී තිබෙන්නෙ ගැඹුරින් හුස්ම ගැනීම. ඒ කියන්නෙ හොඳින් පෙනහළුවලට වාතය පිරෙන විදියට ගැඹුරින් හුස්ම ගැනීමෙන් රුධිරයට හොඳ ඔක්සිජන් සැපයුමක් ලැබෙනවා. ඒ නිසා පරිවෘත්තීය ක්‍රියා කාර්යක්ෂම වෙනවා. මෙය සිරුරේ අනවශ්‍ය මේදය දහනය කර හරින්න ඍජුවම හේතු වෙන්න පුළුවන්.

ඍජුව වාඩි වෙන්න

අපි එදිනෙදා ජීවිතයේ දී යොදා ගන්නා ඉරියව් අපේ සිරුරේ හැඩය සහ බර පවත්වා ගන්න හේතු වෙනවා. විශේෂයෙන්ම වැරදියට ඇවිදීම, වාඩි වීම, හිට ගැනීම වගේ ඉරියව් නිසා අපි විහින්ම රෝගීන් බවට පත් වෙනවා. විශේෂයෙන්ම වාඩි වීමේ දී කොන්ද කෙළින් තබාගෙන ඍජුව වාඩි වෙන්න ඕනෙ. එහෙම නොවුණොත් උදරය ඉදිරියට නෙරා එන්න පුළුවන්. එය බර වැඩි වෙන්න ප්‍රධාන හේතුවක්.

කණ්ණාඩියක් ඉදිරියේ වාඩි වී ආහාර ගන්න

කෑම කන වෙලාවට මේසේ ළගින් වාඩි වෙන්නෙ නැතිව කණ්ණාඩිය ඉස්සරහින් වාඩි වෙන්න. ඉන් අදහස් වෙන්නෙ තමන්ගේ කෑම පිගානේ ප්‍රමාණය ඍජුවම ඇස් දෙකෙනුත් කණ්ණාඩියේ පිළිබිඹුවෙනුත් දකින්න පුළුවන් නිසා ආහාරයට ගන්නා ප්‍රමාණය අඩු කරන්න උත්සාහ ගන්නවා කියන එකයි. නමුත් මේක හැම තිස්සේම නිවැරදි නැහැ. ඒත් ඔබට උත්සාහ කරලා බලන්න පුළුවන්.

කන්න කලින් වතුර බොන්න

අපි වතුර බොන්නෙ කාලා ඉවර වුණාමනෙ. ඒත් කන්න කලින් වතුර ටිකක් බොන්න ඕනෙ. හරියටම කියනවා නම් කන්න විනාඩි 10 කට විතර කලින් වතුර වීදුරුවක් බොන එක ඉතාම හොඳයි. ඉන් සිදුවන වාසි දෙකක් තියනවා. එකක් තමයි ගොඩක් කන්න බැහැ. ඒ නිසා කෑම පාලනය වෙනවා. අනිත් එක තමයි වතුර නිසා සිරුරට ලැබෙන පෝෂණය. මේ දෙකම සිරුරේ බර අඩු කර ගැනීමට ඉවහල් වෙනවා.

පුංචි පිගානක් පාවිච්චි කරන්න

ඔබ ආහාර ගන්න පාවිච්චි කරන පිගානේ ප්‍රමාණය නිසාත් සිරුරේ බර වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා නිතරම ඔබ පාවිච්චි කළ යුතු වෙන්නෙ ප්‍රමාණයෙන් කුඩා පිගානක්. උදාහරණයක් විදියට අතුරුපස පි`ගානක් පාවිච්චි කිරීම ඉතාම ප්‍රමාණවත්.

හෙමින් කන්න

සාමාන්‍යයෙන් ආසියාතිකයන් ආහාර පිසින්න වැඩි වෙලාවක් වැය කරනවා. නමුත් කෑම කන්න වැය කරන්නෙ විනාඩි තුන හතරක් විතරයි. නමුත් බටහිර රටවල අය ආහාර පිසින්න වැය කරන්නෙ සුළු වෙලාවයි. නමුත් පැයක් විතර කාලයක් කෑම කන්න වැය කරනවා. ඒක තමයි නිවැරදි ක්‍රමය. ඒ නිසා කෑම කද්දි හෙමින් කන්න.

හිටගෙන ඉන්න

ප්‍රධාන ආහාර වේල් තුනට පස්සෙ විනාඩි 20ක් විතර හිටගෙන ඉන්න. කාපු ගමන් වාඩි වෙන එකත් බර වැඩි වෙන්න හේතු වෙනවා. ඒ නිසා පුරුද්දක් විදියට කෑම කාලා විනාඩි කීපයක් හිටගෙන කරන වැඩක යෙදෙන්න උත්සාහ කරන්න. 

Visit Now

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads