Type Here to Get Search Results !

අමෙරිකා‌වේ කාන්තාවන්ට උඩුකය නිරුවතින් ප්‍රසිද්ධියේ සිටීමට අවසර දෙයි


අමෙරිකා‌වේ ප්‍රාන්ත 6ක කාන්තාවන්ට උඩුකය නිරුවතින් ප්‍රසිද්ධියේ සිටීමට අවසර දෙමින් අභියාචනාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත්කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත්තේ එරට කොලරාඩෝ ප්‍රාන්තයේ ෆෝට් කොලින්ස්හි අධිකරණයක වසර ගණනාවක් තිස්සේ විභාග වූ නගර ආඥාපනතේ එන, කාන්තාවන්ට ප්‍රසිද්ධියේ උඩුකය නිරුවත්ව සිටීම තහනම් බවට වන ව්‍යවස්ථාපිත නීතිය බලරහිත කරමිනුයි.

එම නීතිය කතාබහට ලක්වූයේ එක නගරය වුවද අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත්තේ උටා, කොලරාඩෝ, යොමින්ග්, නව මෙක්සිකෝ, කැන්සාස් සහ ඔක්ලහෝමා යන ප්‍රාන්ත සියල්ලට අදාළවයි.

මේ අනුව ඉහත ප්‍රාන්ත 6 තුළ ඔනෑම නගරයක කාන්තාවන්ට උඩුකය නිරුවතින් ප්‍රසිද්ධියේ සිටීමේ හැකියාව නීතිය තුළින්ම ලබාදී ඇති බවයි වාර්තා වන්නෙ.

ෆෝට් කොලින්ස් නගර ආඥාපනතේ එන උඩුකය නිරුවත් තහනම් නීතියට පළමු පහර වැදුණේ පසුගිය පෙබරවාරි මාසයේ දීයි.

ඒ අභියාචනාධිකරණය විසින් එම තහනම ව්‍යවස්ථා විරෝධී බවට පළකිරීමත් සමඟයි.

උසාවියේ තීන්දුවට පදනම් වූයේ පිරිමින්ගේ පියයුරු ලිංගික වස්තුවක් ලෙස ඒකාකාරී ස්වභාවයෙන් යුතු වන නමුත් කාන්තාවන්ගේ පියයුරු එම ඒකාකාරි බව ඍණාත්මක කරන බව පමණක් ය යන කරුණයි.

‘Free the Nipple’ යන අදහස පෙරදැරි කරමින් ආරම්භ වු මෙම සටනට අමෙරිකාවේ සෑම ප්‍රාන්තයකින්ම සහය නොලැබෙන බව ද විශේෂ කරුණක්.

නිව් හැම්ෂයර් අධිකරණය මෑත කාලයේදී තීන්දු කර තිබුණේ කාන්තාවන් ප්‍රසිද්ධියේ උඩුකය නිරුවත්ව සිටීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි.

කෙසේවෙතත් ෆෝට් කොලින්ස් අභියාචනාධිකරණ තීන්දුව මේ වනවිට ඇමරිකාව තුළ යම් ආන්දෝලනයක් ඇති කිරීමට සමත්ව තිබෙනවා.




Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads