Type Here to Get Search Results !

සුරූපී යතුරුපැදි ධාවන ශූරියක් අනතුරකින් මියයයි


නිරූපිකාවක් මෙන්ම යතුරුපැදි ධාවන ශූරියක් ලෙසින් සමාජ මාධ්‍ය කැළඹූ සුරූපී Kuzavini elena හදිසි අනතුරකින් මිය ගොස් තිබෙනවා.

මිය යන විට ඇය 41 හැවිරිදි වියේ පසු වුණා.

විදෙස් වාර්තා අනුව ඇය සිය යතුරුපැදිය පදවාගෙන යමින් සිටියදී මෝටර් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුවී තිබෙන්නේ.

ගිලන් රථය පැමිණෙන විටත් ඇය ජිවතුන් අතර සිටි නමුත් රෝහල්ගත කර ටික වෙලාවකින් ඇය මෙලොව හැර ගොස් තිබුණා.

මෝටර් රථයේ රියදුරු බරපතල තත්ත්වයක පසු නොවන අතර ඔහු ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

මේ අතර ඇගේ දියණිය Tanya විසින් තම මවගේ මරණය පිළිබඳ ඉන්ස්ටග්රෑම් පිටුවේ සංවේදී සටහනක්ද තබා තිබුණා.

සුරූපී නිරූපිකාවක් වූ නිසාම Kuzavini elena සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය චරිතයක් වූ අතර ඇගේ මේ හදිසි වියෝවත් සමඟ අනුගාමීකයින් බොහෝ පිරිසක් සිය ශෝකය පළ කර තිබුණා.









Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads