ඊයේ දින පුංචි සුජීත් පුතුට ලෝකයේම අවධානය යොමු වෙද්දි, තමිල්නාඩුවේ සිදුවූ තවත් ඛේදනිය පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
රේවතී සංජනා නම් දෙහැවිරිදි දියණියක් පෙරේදා (28) වන දින රාත්‍රීයේදී ටුටිකොරින් දිස්ත්‍රික්කයේ පිහිටි සිය නිවසේ ජලය දැමූ භාජනයක ගිලී මියගොස් තිබෙනවා.
ඒ වන විටත් සුජිත් විල්සන් දරුවා බේරා ගැනීමේ ප්‍රවෘත්තිය රූපවාහිනියෙන් බලමින් සිටි මෙම දැරියගේ මවුපියන්, දැරිය ගැන අවධානය යොමු නොකළ හෙයින් මෙම ඛේදනිය ඉරණම අත්ව ඇති බවයි වාර්තා වන්නෙ.
සූජිත් දරුවා මුදා ගැනීම බලමින් සිටින අතරවාරයේ දෙමව්පියන් විසින් දියණිය කැඳවූ නමුත්, ඇය ඊට ප්‍රතිචාර දක්වා නැහැ.
පසුව කලබල වූ ඇගේ මාපියන් අසල්වැසි නිවසකට ගොස් සොයා බැලුවද දැරිය එහි සිට නැහැ.
අනතුරුව දැරියගේ මව නාන කාමරයේ ඇය සොයා බලා ඇති අතර ජල බේසමක රේවතී දැරිය ගිලී සිටිනු දැක ඇය කෑ ගසා තිබෙනවා.