කාලයක සිට ප්‍රසිද්ධ පෙම්වතුන් යුවළක් වන අර්ජූන් කපූර් හා මලේයිකා ආරෝරා දෙදෙනා ලබන වසරේදී විවාහ වීමට තිරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. දින නියමයක් නොමැති වුවද අර්ජූන්ගේ පාර්ශවයෙන් වාර්තා වන්නේ මෙම විවාහය ඉතා ඉක්මණින් සිදුවීමට නියමිත බවයි.
අර්ජූන්ගේ පියා වූ බොනි කපුර්ගේද කැමැත්ත මේ වනවිට මේ දෙදෙනාට හිමිව තිබෙන බවත් සදහන් වෙනවා. ඒ නිසාම ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධියේ පෙම්වතුන් ලෙස හැසිරෙන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ. මලේයිකා සල්මාන් ඛාන්ගේ සොහොයුරු අර්බාස් ඛාන්ගේ හිටපු බිරිඳයි. අර්ජුන්කියන්නේ මලෙයිකාට වඩා අවුරුදු 12ක් බාල පුද්ගලයෙක්.