Type Here to Get Search Results !

වැරදි පුරුදු තමයි නරක ආරංචි විදිහට අහන්න ලැබුණේ... ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමානගේ බිරිඳ


ප්‍රසංග වේදිකාවේ විවිධ හඬින් ගී ගයන ඉඳුනිල් අන්ද්‍රමාන දකුණෙන් බිහිවුණු සුපිරි ගී තරුවක්. එදා පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් එළි බැහැපු මේ අපූරු හඬට බොහෝ දෙනෙක් ආදරය කරනවා. විවිධ හැලහැප්පීම් මැද වුණත්, අදත් ප්‍රසංග වේදිකාවේ නිතරම වගේ දකින මේ සුන්දර ගායන ශිල්පියා ගැන ඔහුගේ බිරිඳ කියූ කතාවයි මේ..

ඔබට කොහොමද ඉඳුනිල්ව මුණගැහුණේ?

ඔහුගේ කැසට් ආයතනය කරන දවස්වල තමයි අපි හඳුනා ගත්තේ.

මුණගැහෙනකොට ඔහු?

ගොඩාක් ප්‍රශ්නවලට මුහුණදීලා හිටිය කෙනෙක්.

පෙම්වතා කාලේ ඉඳුනිල්?

ගොඩක් හොඳ, අහිංසක චරිතයක්.

සැමියෙක් විධියට ඔහු?

උපරිමයෙන්ම හොඳ සැමියෙක්, ගෙදර සියලුම වැඩවලට ගොඩාක් ලොකු සහායක් දෙනවා.

ජනප්‍රිය වෙන්න කලින් ඉඳුනිල්?

ජීවිතයේ හරි මාර්ගය මොකද්ද කියලා තෝරගන්න බැරිව සිටිය කෙනෙක්.

ජනප්‍රියත්වයෙන් පසු?

ජීවිතයේ හරි මාර්ගය තෝරගත්ත කෙනෙක්. ජීවිතය ජය ගෙන හැම හීනයක්ම සැබෑ කරගත්ත දක්ෂ තරුවක්.

ඒ ජනප්‍රියත්වය ඔබට බලපාපු විධිය?

හරිම පහසුයි. ඕනෑම තැනකට ගියොත් පහසුවෙන් වැඩක් කරගන්න පුළුවන්.

ජනප්‍රිය වුණාට පස්සේ ආදරයේ වෙනසක් සිදුවුණාද?

අනේ නැහැ.

ගායන භූමිකාව තුළ හිරවුණු ඔහුට පවුල සහ ඔබව මඟ හැරෙන්නෙම නැද්ද?

කොහෙත්ම නැහැ. මොකද ඔහු යන හැම ෂෝ එකකටම අපි තුන්දෙනාම යනවා.

ඔහුට ජීවිතයේ මඟහැරුණු දේවල් තියෙනවද?

නැහැ. හැම හීනයක්ම හැබෑවෙලා තියෙනවා.

වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?

අනිවාර්යයෙන්ම ඔව්.

සාමාන්‍ය ජීවිතයේදී කොහොම කෙනෙක්ද?

තාම සරල පුද්ගලයෙක්.

ඔහු ජීවිතය ගැන සැහැල්ලුවට හිතන කෙනෙක්ද? සීරියස් විදිහට හිතන කෙනෙක්ද?

සීරියස් විධියට හිතන කෙනෙක්.

ඔහු අද ඉන්න තැන ගැන සතුටු වෙනවද?

අනිවාර්යයෙන්ම ඔව්.

දුක හිතුණාම ඔහු?

දුක හිතුණු වෙලාවට නිහඬයි.

තරහ ගියාම කොහොමද හැසිරෙන්නේ?

තරහ ගියාමත් නිහඬයි, ඉවසිලිවන්තයි.

වැඩිපුරම යන්න කැමැති තැන්?

විශේෂ තැනක් නැහැ. ගොඩක්ම කැමැති ගෙදර ඉන්න.

ඔහු වැඩිපුරම ආදරේ මොනවටද?

එයාගේ අරමුණට සහ වගකීම්වලට.

ඔහුට නැතිවම බැරි අය කවුද?

මමයි, බබයි, පවුලේ අයයි.

මොන වගේ විලාසිතාවලටද කැමැති?

බොහෝ විලාසිතා කරන්න කැමැතියි.

ඔහු ගැන අහන්න ලැබුණු සතුටුම ආරංචිය?

සමාජයේ පුද්ගලයන් එයා ගැන හොඳ කියලා ලබාදෙන ප්‍රතිචාර ගැන සතුටුයි.

ඔහු ගැන අහන්න ලැබුණු නරකම ආරංචිය?

ජීවිතයේ සමහර තැන් වරද්දගෙන තියෙනවා. ඒ වගේම ඔහුගේ සමහර වැරදි පුරුදු තමයි නරක ආරංචි විදිහට අහන්න ලැබුණේ.

ජීවිතයේ වැඩිපුරම සතුටු වුණු දවස?

පිරිසක් ඔහුව ජීවිතයෙන් වට්ටනකොට රසිකයෝ ඔහුව ඉහළින්ම තැබූ දවස්.

ජීවිතයේ ජය ගත්ත දේවල්?

බොහෝ පිරිසක් බැහැ කිව්ව දේවල් ඔහු ජය ගෙන තියෙනවා. ඉඳුනිල් අන්දරමාන කියන චරිතය බොහෝ පිරිසක් අතහැරියා වගේම මඟ හැරියා. ඉඳුනිල් විතරක් දුර්වල චරිතයක්, වැරදිකරුවෙක් විධියට බොහෝ පිරිස් කෑ ගහලා ලෝකයට කියද්දී මමත්, මගේ අම්මයි තාත්තයි දෙන්නත්, රසික ජනතාවත් ඔහුව අතහැරියේ නැහැ. ඒ නිසා තමයි ඉඳුනිල් අද හැම බලාපොරොත්තුවක්ම, හැම හීනයක්ම ජය අරගෙන ඉන්නේ.

ජීවිතයේ ප්‍රධාන තැනක් දෙන දේවල්?

පවුලට සහ සංගීතයට.

ඉඳුනිල්ගේ විනෝදාංශ?

ගෙදර උයන එක තමයි විනෝදාංශය.

ඔහු ඔබට දීලා තියෙන වටිනාම තෑග්ග?

අපේ දුව.

ඔහුගේ ගී අතරින් ඔබ කැමැතිම ගීය?

“මගේ චූටි දූ” ගීතයට මම ගොඩක්ම කැමැතියි.

ඔහු ගැන අපි නොදන්න රහස්?

විශේෂ දක්ෂතා තියෙනවා. ඔහුට කරන්න බැරි වැඩක් නැහැ. ඕනෑම දෙයක් කරන්න පුළුවන්.






Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads