Type Here to Get Search Results !

දිනකට යුවාන් 2කින් ජීවිතය ගැට ගසා ගත් චීනයේ දුප්පත් දැරියක් ලොවම සංවේදී කළ කතාව


වසර 5ක් තිස්සේ දිනකට යුවාන් 2කින් ජීවත් වීමට සිදුවීම හේතුවෙන් රෝහල්ගත කෙරුණු චීන ශිෂ්‍යාවක වෙනුවෙන් එරට දානපතියන් විසින් යුවාන් මිලියනයකට ආසන්න මුදලක් පරිත්‍යාග කර තිබේ.

වූ හුවායන් නමැති එම ශිෂ්‍යාව පිළිබදව චීන වැසියන් තුළ දැඩි කතාබහක් ඇති වූයේ, මේ සතිය මුලදී ඇය සම්බන්ධයෙන් පළවූ පුවත් හේතුවෙනි.

වූ හුවායන්ට දිනක ආහාර වෙනුවෙන් වැය කළ හැකි වූයේ යුවාන් 2ක් පමණි. ඇය බොහෝ විට මිරිස් සමග බත් අනුභව කර තිබිණි.

24 හැවිරිදි එම ශිෂ්‍යාව අතිශයින් මන්දපෝෂණ තත්ත්වයට පත්ව සිටි අතර අධ්‍යාපන කටයුතුවල නිරත වීමට මෙන් ම ඇයගේ රෝගී සොහොයුරාට සහය වීමට ද අපහසු තත්ත්වයක ඇය පසුවිය.

එම ශිෂ්‍යාව පත්ව සිටි අසරණ තත්ත්වය වටහාගෙන මීට පෙර ඇයට උපකාර කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් චීන බලධාරීන් කෙරෙහි දැඩි විරෝධයක් ද එල්ල වී තිබේ.

එම ශිෂ්‍යාව පත්ව සිටි අසරණ තත්ත්වය වටහාගෙන මීට පෙර ඇයට උපකාර කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් චීන බලධාරීන් කෙරෙහි දැඩි විරෝධයක් ද එල්ල වී තිබේ.

ඇය ගැන පුවත මාධ්‍යවල පළ වීමත් සමග පරිත්‍යාග දසතින් ගලා එන්නට වූ අතර මේ වන විට එකතු වී ඇති මුදල යුවාන් ලක්ෂ 8ක් පමණ වන බව වාර්තා වේ. ඇය චීනයේ ගයෑං ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන සිසුවියකි.

චීන මාධ්‍ය වාර්තාවල දැක්වෙන පරිදි මෙම ශිෂ්‍යාව ඔක්තෝබර් මස මුලදී හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් රෝහලක් වෙත ගොස් තිබිණි.

ඇය උසින් අඩි 4යි අගල් 5ක් වූ අතර, ඇගේ බර කිලෝග්‍රෑම් 20කට වඩා වැඩි නොවීය.

වූ හුවායන්ගේ මව මිය ගොස් ඇත්තේ, ඇය 4 වන වියේ පසුවද්දීය. ඇය පාසල් යන වියේදී ඇගේ පියා ද මිය ගොස් ඇත.

වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ, වසර 5ක් පුරා ඉතා සුළුවෙන් ආහාර ගැනීම හේතුවෙන් ඇය හෘදය සහ වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයන්ට පත්ව සිටින බවය.

වූ හුවායන්ගේ මව මිය ගොස් ඇත්තේ, ඇය 4 වන වියේ පසුවද්දීය. ඇය පාසල් යන වියේදී ඇගේ පියා ද මිය ගොස් ඇත.

පසුව ඇය සහ ඇගේ සොහොයුරාට ඔවුන්ගේ මිත්තණිය උපකාර කළ අතර, පසුව ඔවුන්ගේ මාමා කෙනෙකු සහ නැන්දා කෙනෙකු උපකාර කළ ද ඔවුන්ට මාසිකව ලබා දිය හැකිව තිබුණේ යුවාන් 300ක් පමණි.

එසේ ලැබුණු මුදලින් වැඩි කොටසක් වැය වී ඇත්තේ, මානසික රෝගී තත්ත්වයක පසුවන ඇගේ සොහොයුරාගේ ඖෂධ වෙනුවෙනි.

ඒ අනුව, වූ හුවායන්ට දිනක ආහාර වෙනුවෙන් වැය කළ හැකි වූයේ යුවාන් 2ක් පමණි. ඇය බොහෝ විට මිරිස් සමග බත් අනුභව කර තිබිණි.

ඇගේ ඥාතීන් වාසය කරන ගීෂෝයු ප්‍රදේශය චීනයේ වඩාත් දිළිදු ප්‍රදේශවලින් එකක් ලෙස සැලකේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චීනයේ දැඩි අවධානයක් යොමු වූ අතර බලධාරීන් කෙරෙහි විරෝධයක් පළ විය.

ඇයට උපකාර කිරීමට අවශ්‍ය බවට සමාජ මාධ්‍ය හරහා විශාල පිරිසක් පැවසූහ. තවත් විශාල පිරිසක් ඇය පිළිබදව නොව ඇගේ පාසල කෙරෙහි අවධානය යොමු කර තිබිණි.

එක් සමාජ මාධ්‍ය භාවිත කරන්නෙකු මෙය හදුන්වා තිබුණේ, "ඇෆ්ඝනිස්තානයේ සරණාගතයින්ට වඩා නරක තත්ත්වයක්" ලෙසය. මේ අතර, තවත් අයෙකු පෙන්වා දී තිබුණේ, 70 වන සංවත්සරය වෙනුවෙන් වැය කළ අතිවිශාල මුදල ඊට වඩා අවශ්‍යතාවලට වැය කිරීමට තිබූ බවය.

ඇය සිය සොහොයුරාට උපකාර කරන අතර අධ්‍යාපන කටයුතු ද කරගෙන යාම පිළිබදව තවත් පිරිසක් ප්‍රශංසා කර තිබිණි.

චීන ජනතාව පරිත්‍යාග කළ මුදල්වලට අමතරව, ඇගේ ගුරුවරුන් සහ මිතුරු මිතුරියන් යුවාන් 40000ක් පරිත්‍යාග කර තිබූ අතර ගම් වැසියන් ද යුවාන් 30000ක් ඇය වෙනුවෙන් එකතු කර තිබිණි.

බලධාරීන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වූ හුවායන්ට රජයේ අවම සහනාධාරය වන යුවාන් 300 - 700 අතර මුදලක් ලැබී ඇති අතර කඩිනමින් යුවාන් 20000ක හදිසි සහන මුදලක් ලබා දීමට කටයුතු කර ඇති බවය.

"මේ ශක්තිමත් මනසක් ඇති කාරුණික ගැහැණු දරුවා ගැන අපි අවදානයෙන් සිටිනවා,"ටොන්ග්‍රෙන් නාගරික සිවිල් කටයුතු කාර්යංශය පැවසීය.

"ඇයට අවම ජීවන තත්ත්වයක් ලබා දීම සම්බන්ධයෙන් වන ගැටලු නිරාකරණය කරන්න අපි අදාළ අනෙක් දෙපාර්තමේන්තු සමග සහයෝගයෙන් කටයුතු කරනවා."

වූ හුවායන් පිළිබද මෙම සිද්ධිය 2018 වසරේදී අයිස්වලින් කොණ්ඩය වැසුණු චීනයේ කුඩා පිරිමි දරුවෙකු පාසලට පැමිණි සිද්ධිය ආවර්ජනය කරයි.

"ලිට්ල් වෑං" යනුවෙන් හැදින්වූ එම දරුවා පිළිබද කතාව ද දැඩි අවධානයට ලක්වූ අතර ඔහුගේ දිළිදුකම හේතුවෙන් ජාත්‍යන්තර පරිත්‍යාග පවා ලැබිණි.

පසුගිය දශක කිහිපය පුරා චීනයේ ආර්ථිකය 'රොකට්' වේගයෙන් ඉහළ ගිය ද, දරිද්‍රතාව නැති වූයේ නැත. ඒ අනුව, ආදායම් බෙදී යාමේ අසමානතාවක් වර්ධනය වී තිබේ.

චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යංශය පැවසුවේ, 2017 වසරේදී මිලියන 30.46ක් වන ග්‍රාමීය ජනතාව තවමත් ජාතික දරිද්‍රතා රේඛාවෙන් පහළ එනම්, දිනකට ඇමෙරිකානු ඩොලර් 1.9කට අඩු ආදායමක් ලබන බවය.

චීනය මීට පෙර පවසා තිබුණේ, 2020 වසර වන විට දරිද්‍රතාව අවසන් කරන බවය.

මේ අතර, චීනය "1990 දී මධ්‍යස්ථ අසමාන ආදායම් තත්ත්වයේ පසුවූ අතර මේ වන විට ලෝකයේ වැඩි ම අසමාන ආදායම් සහිත රටක් බවට පත්ව ඇති" බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2018 වසරේදී පළ කළ වාර්තාවක දැක්වේ.


Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads