Type Here to Get Search Results !

වැලිසර නාවික හමුදා කඳවුරේ නිළධාරීන් 95කට කොරෝනා - හමුදාපති කියයි


මේ වන විට වැලිසර නාවික හමුදාවේ නිලධාරීන් 95 දෙනෙක් කොරෝනා වෛරසයට ආසාධනය වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
advertisement

වැලිසර නාවික හමුදා කඳවුර තුලදී නිලධාරීන් 68 දෙනෙක් සහ නිවාඩු ලබා සිටිය නිලධාරීන් 27 දෙනෙකු මෙලෙස කොරෝනා වෛරසයට ආසාධනය වී ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

අද දිනයේදී මේ දක්වා කොරෝනා වෛරසය ආසාධනය වී සිටින රෝගීන් 11 දෙනෙක් වාර්තා වී ඇති බවත් ඉන් එක් රෝගියෙක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වන බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ. සෙසු රෝගීන් 10 දෙනා නිවාඩු ලබා ගොස් නිවෙස් වෙත ගොස් සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් බවයි යුධ හමුදාපතිවරයා කියා සිටියේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads