Type Here to Get Search Results !

හෙට සිට බස් වල යන්න වෙන්නේ මෙහෙමයි - ප්‍රවාහන අමාත්‍යංශයේ විශේෂ නිවේදනයක්


ඇඳිරි නීතිය ලිහිල් කරමින් නිවසින් බැහැරවයන පුද්ගලයන් සම්බන්ධයෙන් රජය විසින් ජාතික හැඳුනුම්පත පදනම් කරගත් ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇති අතර පොදු ප්‍රවාහන සේවා ඔස්සේ ගමන් කිරීමට අවස්ථාව ලැබෙන්නේ අදාළ හැනුම්පත් අංක අනුවය.
මේ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය මෙසේයි
ඇඳිරි නීතිය ලිහිල් කරන අවස්ථාවන් හිදී පොදු ප්‍රවාහණ සේවාවන් පවත්වාගෙන යාම සම්බන්ධවයි
කෝවිඩ් 19 වසංගත තත්ත්වය නිසා රජය විසින් දැනට පනවා තිබෙන ඇඳිරි නීතිය ලිහිල් කරන අවස්ථාවන් හිදී පොදු ප්‍රවාහන සේවාවන් පවත්වාගෙන යාම සම්බන්ධව ඇතැම් පාර්ශ්ව විසින් නගන චෝදනා සම්බන්ධව විදුලි බල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමු වී තිබේ. ඇතැම් අය පවසන්නේ ප්‍රමාණවත් තරම් බස් රථ මගී ප්‍රවාහණය සඳහා යොදවා නොමැති බවයි.
සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් කෝවිඩ් 19 වයිරස රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා ලබා දි තිබෙන උපදෙස් ක්‍රියාත්මක කිරීමට පොදු ප්‍රවාහන අංශ සඳහා උපදෙස් දී පරිදි සමාජ දුරස්ථභාවය පවතාවාගෙන යාම අත්‍යවශ්‍ය කාරණයක් වන බැවින් දැනට බස් රථවල ප්‍රවාහණය කළ හැකි වන්නේ බස් රථයක ගමන් කළ හැකි සංඛයාවෙන් සියයට 50කටත් වඩා අඩු මගීන් පිරිසකි.
දැනට ලංගම සතුව බස් රථ 5700ක් පමණ තිබෙන අතර පුද්ගලික අංශය සතුව බස් රථ 23000ක් පමණ තිබේ. ලංගම බස් රථ සියල්ල සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ධාවනය සඳහා යෙදවුවත් මෙම වසංගත තත්ත්වයට පෙර පැවැති තත්ත්වය සම්බන්ධයෙන් සසඳන කළ ලංගම බස් රථ 5700ක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පෙනී යයි.
එයට හේතුව නම් සමාජ දුරස්ථකරණය හේතුවෙන් එක් බස් රථයක ගෙන යා හැකි මගීන් ප්‍රමාණය සියයට 50කටත් අඩු පිරිසක් වීමයි. එමනිසා ලංගම බස් රථ පමණක් ධාවනය කරන්නේ නම් එකී තත්ත්වය යටතේ අඩු තරමින් දැනට පවතින තත්ත්වය අනුව බස් රථ ප්‍රමාණය දෙගුණයකින්වත් වැඩි කළ යුතුය.
පුද්ගලික අංශය සතුව තිබෙන ඇතැම් බස් රථ ධාවනය කිරීමට කැමැත්තක් දක්වන්නේ නැත.එයට හේතුව නම් ඔවුන්ට දෛනිකව ලැබෙන ආදායම අඩුවීමයි. එහෙත් කිහිප දෙනෙක් ලාභපාඩු නොබලා බස් රථ ධාවනය කිරීමට ඉදිරිපත් ව ඇත.
එමනිසා ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්තාවන් හිදි පොදු ප්‍රවාහණ සේවාව අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් යෙදවීමට ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. ඊයේ දිනයේ (25දා) රජය විසින් ගන්නා ලද තීරණය අනුව පුද්ගලික හැඳුනුම් පතේ අවසාන අංකය අනුව ගමන් කිරීමට දින ලබා දී ඇති බැවින් මෙම තත්ත්වය පහසු වේ.
එබැවින් ලංගම සතුව පවතින බස් රථ පොදු ප්‍රවාහණ සේවා කටයුතු සඳහා යොදවනු ලබන්නේ හුදෙක් අත්‍යවශ්‍ය සේවාවන් එනම් සෞඛ්‍ය ආරක්ෂක හා රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතනවල සේවය සඳහා ප්‍රවාහණය කළ යුතු ම පිරිස පමණි.
එසේ නොමැතිව සාමාන්‍ය ජනතාව අත්‍යවශ්‍යම නොවන කාරණාවන් සඳහා පොදු ප්‍රවාහන සේවා තුළින් ප්‍රවාහන පහසුකම් ලබා දීම සිදු නොකරන අතර එසේ කරන්නේ කෝවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා රජය විසින් ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීම සඳහාය.
නමුත් ඇතැම් පුද්ගලයින් විසින් අත්‍යාවශ්‍ය නොවන කාරණාවන් සඳහා ගමන් කිරීමට බස් රථ නොමැති බව කියමින් මාධ්‍ය ඔස්සේ රජයට හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයට දොස් තැබීම සාධාරණ නැත. මෙම තීරණාත්මක අවස්ථාවේ පොදු ප්‍රවාහණ සේවාවන් සඳහා පැමිණෙන කාර්ය මණ්ඩල ද පැමිණෙන්නේ විවිධ ගැටළුකාරි තත්ත්වයන් මධ්‍යයේ බව ප්‍රකාශ කළ යුතුය.
advertisement
එමනිසා ප්‍රමාණවත් පරිදි ප්‍රවාහණ පහසුකම් සැලසීමට තරම් අවශ්‍ය බස් රථ යෙදවීමේ හැකියාවක් ලංගමයට දැනට නැත. තිබෙන බස් රථ ප්‍රමාණය සමාජ දුරස්ථබාවය රැක ගනිමින් මගී ප්‍රවාහණය සඳහා යොදා ගන්නා බැවින් යම් යම් සීමාවන් ඔස්සේ ප්‍රවාහන සේවා කටයුතු සැලසීමට මෙම අමාත්‍යාංශයට සිදු ව තිබෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එමෙන්ම පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමට ආරක්ෂක අංශවල සහාය ද අමාත්‍යාංශය විසින් ඉල්ලා තිබේ
හැඳුනුම්පතට අනුව ගමන් කළ හැක්කේ මෙසේය.
සඳුදා – හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 1 හෝ 2 ඇති අය
අඟහරුවාදා – හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
බදාදා-හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 5 හෝ 6 ඇති අය
බ්‍රහස්පතින්දා- හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 7 හෝ 8 ඇති අය
සිකුරාදා – හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ 0 ඇති අය


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads