Type Here to Get Search Results !

පොලිස් නිළධාරියකුගේ යතුරු පැදියක් සොරාගෙන් හෙරොයින් පැකට් 5කට විකුණලා


අම්පේගම, කුසල්කන්දවත්තේ පදිංචි පොලිස් නිලධාරියෙකුට අයත් යතුරු පැදියක් සොරකම් කර එය හෙරොයින් පැකට් 05 කට විකුණන ලදැයි කියන සැකකරුවන් තිදෙනකු බද්දේගම පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
advertisement
මෙසේ අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් බද්දේගම මහේස්ත්‍රාත් පැල්පොළ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
සැකකරුවන් විසින් සොරකම් කර ඇත්තේ ඩිස්කවරි, 125 වර්ගයේ යතුරු පැදියකි.
එය කුඩු ජාවාරම්කරුවෙකුට විකුණා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. එය මේ වන විට රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුක්ත වන බවත් බද්දේගම පොලීසිය පවසනවා.
සැකකරුවන් අධික ලෙස හෙරොයින් වලට ඇබ්බැහි වී ඇති බවත් ඔවුන් විසින් සොරකම් කරන ලද යතුරු පැදිය විකුණා ඇත්තේ රුපියල් 5000/- ක වටිනා කමකින් යුත් හොරොයින් පැකට් 05 කට බවත් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි බද්දේගම පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads