එංගලන්තයේ සිට නැවත ලංකාවට ගෙන්වා ගත් සිසුන් පිරිස අතර සිටි අමාත්‍යවරයකුගේ පුතකු කටුනායක ගුවන් තොටුපොළේදී යකා නටා ඇති බවත්, රටේ නීතියට අනුගත විය නොහැකි අය වේ නම් එම පුද්ලයන් කුමන තරාතිරමක අයකු වුවද අත්අඩංගුවට ගත යුතු බවත් කොටුවේ පොඩි හාමුදුරුවෝ සදහන් කරති.
මේ දිනවල ප්‍රංශයේ වැඩ සිටින උන්වහන්සේ මාධ්‍ය ජාලා ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සදහන් කර සිටියහ.
ජනාධිපතිවරයා පියකු ලෙස වෙනත් රටවල සිරවී සිටින සිසුන් රැගෙන ඒමට පියවර ගත් බව මෙහිදී සදහන් කර සිටි උන්වහන්සේ, එසේ පැමිණීමෙන් පසු අදාළ නීතිරීති පිළිපැදීමට නොහැකි නම් නැවත ඔවුන් සිටි රටවල්වලටම පිටත් කර හැරිය යුතු බවද කියා සිටියහ.


