Type Here to Get Search Results !

මදුරන්කුලියේ අරාබි විද්‍යාල භුමියට පොලිස් ආරක්ෂාව යොදවයි


මදුරන්කුලිය අසාර් නගර් පිහිටි අරාබි පාසල් භූමියට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මුන්දලම පොලීසිය මගින් විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව පොලීසිය පවසනවා.
advertisement
මෙසේ අසාර් නගර් අරාබි පාසල් භූමියට පොලිස් ආරක්ෂාව යොදවා ඇත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ ( 3) දින කල්පිටියේදි අත්අඩංගුවට ගත් සැකකරුවකු කළ ප්‍රකාශයක් මත බවයි පැවසෙන්නේ.
අදාල සැකකරු පාස්කු ප්‍රහාරය මෙහෙය වු ප්‍රහාරකයා වන සහරාන් හෂීම් හා මෙහොමඩ් ඉබ්‍රාහිම් නැමති ව්‍යාපාරිකයාගේ පුතුන් දෙදෙනා ගෙන්වා මදුරන්කුලිය අසාර් නගර් අරාබි විද්‍යාලයේ ගොඩනැගිල්ලක අන්තවාදය පිළිබදව ආගමික දේශන පවත්වා ඇති බව වාර්තා වනවා.
අදාල භූමිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කිරිමට නියමිත විශේෂ පරික්ෂණයක් වෙනුවෙන් මෙසේ පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads