Type Here to Get Search Results !

ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුව නිවසින් පිටතට යාමේ තවත් වෙනසක්


ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුව නිවසින් පිටතට යාමේ අවසර හිමිවන්නේ ලබන සඳුදා (11) සිට බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

advertisement
ඇඳිරි නිතිය පනවා තිබියදී නිවසින් පිටතට යාමේ ක්‍රමවේදයට ජනතාවට ඒ අනුව අනුගත වීමට සිදුවන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ. 

ඇඳිරි නිතිය පනවා තිබියදී නිවසින් පිටව යාමට අවසර හිමි පුද්ගලයින්ට සිය අත්‍යාවශ්‍ය සේවා ඉටුකර ගැනීමට තමන් පදිංචි නිවසේ සිට ලඟම තිබෙන වෙළදසැලට හෝ ඖෂධ අලෙවි සැල දක්වා යාමට පමණක් ඒ අනුව අවසරය හිමිවන බව ඔහු කියා සිටියා.

එමෙන්ම ලබන සඳුදා සිට බස්නාහිර පළාත ඇතුළු රටේ සෙසු පළාත්වල කාර්යාල සහ කර්මාන්ත ශාලා විවෘත වීමෙන් අනතුරුව ඒවායේ සේවය කරනු ලබන පුද්ගලයින්ට සිය රාජකාරි හැඳුනුම්පත හෝ අදාල බලපත්‍රය උපයෝගී කර ගනිමින් සිය රැකියාවන් සඳහා යාමට අවසරය හිමිවන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියා.


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads