පාස්කු ප‍්‍රහාරයට තමා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වගකිවයුතු බවට හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සාහසික ප‍්‍රකාශයක් බව, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සඳහන් කළා.
ප‍්‍රනාන්දු මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතාගේ හරස් ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර දක්වමිනුයි.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රනාන්දු මහතා මෙසේ ද සඳහන් කළා.
“පාස්කු ප‍්‍රහාරය පිළිබඳව මූලික පරීක්ෂණයක් හෝ නොකර හිටපු ජනාධිපතිවරයා එබඳු ප‍්‍රකාශයක් කිරීම සාහසිකයි. හිටපු ජනාධිපතිතුමා එබඳු ප‍්‍රකාශයක් කිරීමට හේතුව තමයි දෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තිබූ අවශ්‍යතාවය. ඒ සඳහා පාස්කු ප‍්‍රහාරය නිසා ඇති වූ කළු පැල්ලම මකා ගැනීමට දොල පිදේනි දෙකක් දී එතුමා අත සෝදා ගත්තා “යැයි ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවා.


