කොරෝනා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු වැල්ලවත්තේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා කළුබෝවිල රෝහල සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරක් සමාජ මාධ්‍ය වල පල කර ඇති බවයි.
ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා වයස අවුරුදු 60 ක වැල්ලවත්තේ පදිංචිකරුවෙකි.
ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.