Type Here to Get Search Results !

BREAKING NEWS - මාතලේ සහ මහඔය කොරෝනා ආසාදිතයන් හමුවේ…


මාතලේ ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇත.

මාතලේ මහවෙල පදිංචි පනස් හැවිරිදි පුද්ගලයෙකු වන ඔහු දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කළමනාකරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකි.

මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දී සිදු කළ පරීක්ෂණ වලදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මේ අතර මහඔය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත ආසාදිතයෙකු හමු වී තිබේ.

මහවැව සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ දිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයකු මෙසේ ව ආසාදනය වී ඇතැයි හඳුනාගත් බවයි.

පසුගිය 04 වැනිදා නිවාඩු ලබා නිවසට පැමිණි මහඔය ඉද්දපොල ප්‍රදේශයේ පදිංචිකාරියක් මෙසේ ආසාදිත යැයි තහවුරු කර දී ඇත.

රෝග ලක්ෂණ මතු වීම පසු රෝහල් ගත කර ඇයට සිදු කළ පරීක්ෂණවලදී වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads