Type Here to Get Search Results !

BREAKING NEWS - කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට


කොරෝනා ආසාදිත මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලේ සේවිකාවකගේ මව වන පොල්පිතිගම පොලිස් වසමට අයත් රාවාඇළ ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකටද එම වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (7) රාත්‍රියේ තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය.

එම කාන්තාව කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව ඇගේ සැමියාද පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා මේවනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් වී සිටින බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.

කොරෝනා ආසාදිත කාන්තාව ඊයේ රාත්‍රියේම ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච් රෝහලට යවා ඇත. වෛරසය ආසාදනය වී සිටින ඇගේ දියණිය මේවනවිට ප්‍රතිකාර සඳහා හම්බන්තොට පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කර තිබේ.

මෙම කාන්තාවද සමඟ මේවනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොරෝනා වෛරසය ආසාදනය වූවන් සිවු දෙනෙකු වාර්තා වී ඇති බව වෛද්‍ය කැඳන්ගමුව මහතා සඳහන් කළේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads