Type Here to Get Search Results !

‘සේන මිල්ස්’ පොල්තෙල් වෙලදපලට මුදාහරින්නැයි ප‍්‍රමිතිය රේගුවට දන්වයි.. 26 වැනිදා තිබූ පිලිකාකාරක ඊයේ නැතිවෙලා..


මෙරටට පොල් තෙල් ආනයනය කරන ‘සේන මිල්ස් පිරිපහදුව’ සමාගමේ ආනයනික පොල්තෙල් ඇෆලටොක්සීන් තත්ත්ව පරීක්ෂාව සමත්ව ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරයි.

ඒ අනුව ප‍්‍රමිති ආයතනය විසින් ශ්‍රී ලංකා රේගුව වෙත යෙදී දැනුම් දී ඇත්තේ එම සමාගමේ පොල්තෙල් වෙළඳපොළට මුදාහරින ලෙසයි.

කෙසේ වෙතත් ප්‍රමිති ආයතනය පසුගිය 26 දා නිකුත් කළ නිවේදනයේ සදහන් වූ පිලිකාකාරක පොල් තෙල් ආනයනය කළ සමාගම් අතර සේන මිල්ස් පිරිපහදුව ද ඇති බවයි.

නමුත් ඊයේ දිනයේ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය නිවේදනය කර ඇත්තේ එම සමාගම ඊට සම්බන්ධ නැති බවයි.

ප්‍රමිති ආයතනයේ පෙරේදා දිනයේ නිකුත් කල නිවේදනයේ ඇත්තේ අලි බ‍්‍රදර්ස් පුද්ගලික සමාගම, එදිරිසිංහ තෙල් පිරිපහදුව, කටාන තෙල් සමාගම යන ආයතන ආනයන ගෙන්වන ලද පිරිපහදු නොකළ පොල්තෙල්වල ඇෆලටොක්සින් පිළිකාකාරක ඉතා ඉහල ප්‍රතිශතයකින් අඩංගු බවයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads