Type Here to Get Search Results !

කැලෑහොරා අපිට එපා.. සීනිහොරා අපිට එපා.. පොල්තෙල් හොරා අපිට එපා..- සජිත්ගේ ආණ්ඩුවක් ඉල්ලා විරෝධතා..


වත්මන් ආණ්ඩුවේ දූෂණ, අක්‍රමිකතා, වන විනාශය මෙන්ම අහස උසට නැග ඇති බඩු මිළට එරෙහිව උද්ඝෝෂණයක් හා පිකටිං ව්‍යාපාරයක් (30) සවස බළපිටිය නගරයේදී පැවැත්විණි.

ජාතික සමගි බලවේගයේ බළපිටිය ආසන සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාවය සදහා සමගි ජන බලවේගයේ බළපිටිය ප්‍රධාන සංවිධායක නීතීඥ කමල් ජයන්ත, හිටපු බළපිටිය ප්‍රාදේශිය සභා මන්ත්‍රී උෂාන්ත මෙන්ඩිස් ඇතුළු පිරිසක් සහභාගී විය.

‘’කැලෑ හොරා අපිට එපා, සීනි හොරා අපිට එපා, පොල් තෙල් හොරා අපිට එපා, ගස් වැද්දා අපිට එපා, මහින්ද ලොක්කට එන්න කියාපිය – මේවට උත්තර දෙන්න කියාපිය, අපිට ඕනෑ ආණ්ඩුවක් – සජිත් ඉන්න ආණ්ඩුවක් ආදී වශයෙන් වූ සටන් පාඨ කියමින් විරෝධතා කරුවෝ විරෝධතාවයේ නිරත විය.

සටන් පාඨ කියමින් බළපිටිය නගරයේ කෙටි දුරක් පෙලපාලියකින් ගමන් කල විරෝධතාවයේ නිරත වූවන් පසුව බළපිටිය බස් නැවතුම් පොළ ඉදිරිපිට සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත විය.

– ජයකාන්ත ලියනගේ


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads