Type Here to Get Search Results !

ආනනයන කල පිරිපහදු පොල්තෙල් ටොන් තවත් 8000ක් මුදා හැරලා.. ගෙන්වා ඇත්තේ සීනි බදු වංචා කල සමාගමෙන්මයි..


මෙරටට ආනයනය කරන ලද මෙට්ට්‍රික් ටොන් 8000 වැඩි පිරිපහදු කරන ලද පොල් තෙල් තොගයක් පසුගිය 23 වැනිදා නිෂ්කාෂණය කර ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා සඳහන් කරයි.

මෙම තෙල් තොගය ගෙන්වා ඇත්තේ සීනි බදු වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වන සමාගමක් විසින් බවද ඔහු පැවසීය.

ලංකාවේ ආනයනික පොල්තෙල් අවශ්‍යතාවෙන් 60% කට වඩා ප්‍රමාණයක් ආනයනය කරන්නේ එම සමාගම බවද ඒ මහතා පවසයි.

එම තෙල් තොගය කවුරුන් විසින් පරීක්ෂා කළද කුමන ආකාරයකින් වෙලද පොළට ගියේ දැයි නොදන්නා බවත් එම පරීක්ෂණවල විනිවිද භාවය ගැන ගැටළුවක් ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads