Type Here to Get Search Results !

JUST IN | තවත් ඡන්ද ප්‍රතිඵලයක් - ඇමති රෝහිත අල්ලස් නඩුවෙන් නිදහස්..


අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහි අල්ලස් කොමිසම පැවරූ නඩුවේ චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැදිගේ මහතා අද නියෝග කළේ ය.

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව අධිකරණයට දන්වනු ලැබුවේ අමාත්‍යවරයාට එරෙහි චෝදනා පත්‍රය තවදුරටත් ඉදිරියට ගෙනයාමට කටයුතු නොකරන බවයි.

2014 – 2016 කාල සීමාව තුළ අමාත්‍ය ධුරය දැරූ සමයේ සිය වත්කම්වලින් උපයා ගැනීමට නොහැකි රුපියල් ලක්ෂ 412 ක මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීමේ චෝදනා මත අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබිණ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads