Type Here to Get Search Results !

වෛද්‍ය ජයරුවන්ට සී.අයි.ඩි.යට එන්න කියයි


වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට හෙට (31) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා තිබේ.

ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම, එම පරීක්ෂණ සිදුකිරීම සම්බන්ධයෙන් ඇති බරපතල ගැටළු මෙන්ම ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව යන ආයතන තුළ සිදුවන වංචා හා දූෂණ සහ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශ වීම සම්බන්ධයෙන් ඔහු යූ ටියුබ් නාලිකාවකට දැක්වූ අදහස් මෙම කැඳවීමට හේතු වී ඇති බව විශ්වාස කෙරෙයි.

මීට අමතරව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා විසින් මාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධ රජයේ ආයතනවල මෙන් ම සෞඛ්‍යයට සම්බන්ධ පෞද්ගලික ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා හෙළි කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ සභාපතිධූරයට ද නාමයෝජනා භාර දී තිබුණි.

කෙසේනමුත් එම සංගමයේ නාම යෝජනා කමිටුව විසින් ඔහුගේ නාම යෝජනව ප්‍රතික්ෂේප කෙරුණු අතර එයට විරෝධය දක්වා ජයරුවන් බණ්ඩාර මහතා අධිිකරණයේ පිහිට පැතූ අතර අධිකරණයේ නියෝගය වූයේ ඔහුගේ නාමයෝජනා භාරගෙන ස්වාධීන කමිටුවක‍ මෙහෙයවීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය පැවැත්විය යුතු බවටයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads