Type Here to Get Search Results !

රට බංකොලොත් වීම අනිවාර්යයි.. චීන තානාපති අනවශ්‍ය ඇගිලි ගැසීමක..- ෆොන්සේකා


ඉදිරි මාස කිහිපයේදී රට බංකොලොත් වීම අනිවාර්ය බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

32GB රු2000/-ගේ SD Memory Card එක රු900/-ට දැන්ම මිලදී ගන්න ගෙදරටම නොමිලේ

මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමිනි.

අදුරදර්ශී දේශපාලන තීරණ නිසා රට බංකොලොත් වීම අනිවාර්යයි. ඒ සමග මේ ආණ්ඩුව කඩා වැටීමත් ස්ථිරයි! බුද්ධිමත්ව කටයුතු කරමු!

රාජපක්ෂ “දැක්මේ” අදුරදර්ශී දේශපාලන තීරණ නිසා ඉදිරි මාස කිහිපය තුල රට බංකොලොත් වීම දැන් අනිවාර්ය සාධකයක් බව ඉලක්කම් දෙස බැලීමෙන් පැහැදිලියි. ඒ වගේම “මහ පොළොවේ ජන රාවය” මේ අසාර්ථක හා උද්දච්ච පාලකයින්ට ලබා දෙන පණිවුඩය අපි නම් තේරුම් ගෙන තිබෙනවා. රටේ පාලකයා සෑම විටම නියෝජනය කල යුත්තේ රටේ මහා ජනතාවයි, නැත්නම් “මහා පොළොවේ ජන රාවයයි” ඒ වගේම ජාතික අභිලාෂයයි.

ගොවීන්ගේ, ගුරුවරුන්ගේ, ධීවරයින්ගේ හා සුළු ව්‍යාපාරිකයින්ගේ රැකියා හා ජිවන උපාය පිලිබඳ ප්‍රශ්න, දරුවන්ගේ අධ්‍යාපනය පිලිබඳ ප්‍රශ්න, ගෘහණියගේ ජිවන වියදම පිලිබඳ ප්‍රශ්න, ජනාධිපතිට නොවැටහෙන බව ජනතාව තේරුම් ගෙන හමාරයි.

ඒ වගේම ආයෝජන හා සංවර්ධන ව්‍යාපෘති මත රටේ සවේරීභාවය හා ජාතික අභිලාශය ගැන තුට්ටු දෙකක හැඟීමක්වත් නොමැති බව යුගදනවි බලාගාරයේ ගිවිසුම අනුමත කිරීමට ඔබ ඉඩදීම තුලින්ම පැහැදිලියි.

ඒ වගේම චීන තානාපති කාර්යාලය අනවශ්‍ය ලෙස අපේ රටේ පිළිගත් විශ්ව විද්යාල පද්ධතියේ පර්යේෂණ ආයතන වලට රාජතාන්ත්‍රික මුක්තීන් අභිබවා ඇඟිලි ගැසීමට හා ඒවායේ විශ්වසනීයත්වයට නිර්ධය ලෙස හානි කරන ප්‍රකාශ නිකුත් කිරීමට ඔබ ඉඩ දී බලා සිටීම, ඒවා වැලක්වීමට කටයුතු නොකිරීම, ඔබට ජන්දය දුන් – නොදුන් ලාංකීය ජනතාවගේ ආත්ම ස්පන්දනයට දැන් දනී හමාරයි.

අසංවිධිත තීරණ සමග රටේ ප්‍රශ්න ඉදිරියේ හැසිරීම, ජනතා ප්‍රශ්නවලදී ප්‍රමුඛතා හඳුනා නොගැනීම, සම්පත් පුරෝකථනය නොකිරීම, සැලසුම්කරණයෙන් උග්‍ර දුර්වල බව හා ආර්ථික කළමනාකරණයේදී විසදුම් වල ඇති හිගකම මෙන්ම සතිපතා රට පවත්වාගෙන යාම සඳහා ඩොලර් සිඟමනේ යාම “සෞභාග්‍යයේ දැක්ම” නම් ගෝඨාභය ඔබ ලජ්ජා විය යුතුය.

ජනතා පරමාධිපත්‍යය සැබෑ ලෙස “මහ පොළොවේ ජන රාවය” බවට පත් කිරීමට බුද්ධිමත්ව කටයුතු කරමු! –

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා –

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads