Type Here to Get Search Results !

රටම උණුසුම් කරමින් විමල් තැබූ ෆේස්බුක් සටහන..


වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය තහවුරු කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බව අමාත්‍ය විමල් විරවංශ පවසනවා.

9D Protective Glass for Xiaomi Redmi & Poco නිකන් වගේ ගෙන්න ගන්න
 
''බලාපොරොත්තු රැසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ, බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව, බලාපොරොත්තු නොවූ දේවල් සිදුකිරීම හේතුවෙන් බවයි අමාත්‍යවරයා පවසන්නේ.''

දිගින් දිගටම එවැනි කටයුතු සිදුවීම තුළ ජනතාව තුළ හටගන්නා අවිශ්වාසය සහ අපේක්ෂාභංගත්වය පරදවා රජය කෙරෙහි තැබූ විශ්වාසය ඉක්මනින් තහවුරු කළ යුතුව ඇති බව විමල් වීරවංශ අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පෙන්වාදෙනවා. 
 
පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී තමා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම් කිහිපයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පැවතීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් අමාත්‍යවරයා එම ෆේස්බුක් සටහන තබා තිබුණා. 
 
රටට වැදගත් තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩල පත්‍රිකා කැබිනට් මණ්ඩලයට එක දිනකින් ගෙනවිත් සම්මත කරගන්නවා වෙනුවට, ප්‍රමාණවත් කාලයක් තුළ ප්‍රමාණවත් සාකච්ජාවක් පවත්වා ඒවා සම්මත කරගැනීම වඩා සුදුසු ක්‍රමය බවත් එමඟින් පසුව වෙනස් නොවන තීරණ ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇති බවත්  සඳහන් කර තිබෙනවා. 
 
ජනාධිපතිවරයා සක්‍රීයව දේශපාලනයට මැදිහත් වීම ඉතා ඉක්මනින් සිදුකළ යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ. 
 
සාමුහිකව තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම් වැනි රැස්වීම් සඳහා ද ජනාධිපතිවරයාගේ සහභාගීත්වය අතිශය වැදගත් බව පෙන්වාදෙන අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයා සක්‍රීය දේශපාලනයට මැදිහත්වීම තුළින් බොහෝ ගැටළුවලට විසදුම් ලැබෙනු ඇති බව සඳහන් කර තිබෙනවා. 


 

Visit Now
Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads