දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දේශීය ලොකුලූනු කිලෝවක තොග මිල රුපියල් 150ක් දක්වා ඉහළ ගොස් ඇති බව එහි සිටින හිරු වාර්තාකරු සදහන් කළා.
32GB රු2000/-ගේ SD Memory Card එක රු900/-ට දැන්ම මිලදී ගන්න ගෙදරටම නොමිලේ

ආනයනික ලොකුලූනු සඳහා රුපියල් 40ක බද්දක් පැනවීමට රජය පසුගිය දා තීරණය කිරීමත් සමඟයි මෙලෙස දේශීය ලොකුලූනු සඳහා ඉහළ මිලක් හිමි වූයේ. ඉදිරි සති කිහිපය තුළ දේශීය ලොකුලූනු කිලෝවක මිල රුපියල් 200 ඉක්මවනු ඇති බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය සඳහන් කළේ.


