Type Here to Get Search Results !

වාසු-විමල්-උදය ඇමති ධුරවලින් නෙරපන්න සාකච්චා..


කැබිනට් සාමුහිකත්වය බිදිමින් කැබිනට් තීරණයක් ප්‍රසිද්ධියේ විවේචනය කළ ඇමතිවරුන් එම ධුරයන් ගෙන ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු සාකච්ඡාවක් පවත්වමින් සිටියි.

ගලේ ගැහුවත් 📱 IPHONE එක බේරෙනවා..? 50% මිල අඩු කලා..! සුපිරි IPHONE CASE එකක්..!

වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් තීන්දුවක් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම යන චෝදනාව මත ඔවුන් ඉවත් කළ යුතු බවට ඔවුන් අතර සාකච්ඡා වෙමින් තිබේ.

ජනාධිපතිවරයා දැනට නිරත වන යුරෝපා සංචාරය නිමවා මෙරට මෙරටට පැමිණි පසු මේ සම්බන්ධයෙන් ඔහු වෙත කරුණු ඉදිරිපත් කිරීමට මෙම මන්ත්‍රී පිරිස සූදානම් වෙමින් සිටී.

ඊට පෙරාතුව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමගද මේ සම්බන්ධයෙන් සාකච්චා කරනු ඇත.

දැනටමත් පොදුජන පෙරමුණේ පසුපෙල මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ සඳහන් කර ඇත්තේ ආණ්ඩුව විවේචනය නොකර ඇමතිධුර අතහැර ඕනෑම දෙයක් සමාජය හමුවේ පවසන ලෙසයි.

ඇමෙරිකානු සමාගමකට මෙරට LNG සැපයුම් ඒකාධිකාරිය පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව මහජන මන්ත්‍රණ සභාව පිටකෝට්ටේදී 29 දිනයේ කැදවන ලද්දේ ආණ්ඩුවේ පක්‍ෂ 11ක සහභාගීත්වයෙනි.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads