Type Here to Get Search Results !

හමුදා මෙහෙයුමක්.. ප‍්‍රහාරයකට සැරසුනු පිරිසක් අල්ලයි..


යාපනය වැල්වැටිතුරෙයි පොලිස් වසමේ නෙඩියකාඩු ප්‍රදේශයේ පිහිටි නිවසක් ඊයේ (30) රාත්‍රියේ සිදුකරන ලද විශේෂ සෝදිසි වැටලීමකදී තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍යද සමගින් සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.

ඇත්තටම ලස්සනයි නේද..? රු500ට ගැහැණු ළමයින්ට Nail Polish

කිසියම් පිරිසක් ප්‍රහාරයක් සදහා සූදානම්වන බවට යාපනය යුදහමුදා බුද්ධිඅංශයට ලැබුනු තොරතුරකට අනුව යුදහමුදා නිලධාරීන් පිරිසක් නෙඩියකාඩු ප්‍රදේශයේ පිහිටි නිවසක් හදීසි සෝදිසි වැටලීමක් සිදු කරන ලදි. එහිදී නිවසතුල සිටි පුද්ගලියින් 13 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් පිරිස් විසින් මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් උපන්දින සාදයක් සමරමින් සිටියදී මෙලෙස වැටලීම සිදු කොට ඇත.

එහිදී නිවස තුල තිබී තියුණු කඩු 04 ක්, පාපැදි චේන් සහ යතුරුපැදි චේන් යොදා සකස්කරන ලද ආයුධ දෙකක්, යතුරුපැදි දෙකක්, පාපැදි 4 ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 650 ක් සහ කේල ගංජා කුඩා පැකට් 6 ක් සමගින් ජංගම දුරකතන 11 ක් තිබී සොයාගනු ලැබීය.

වැටලීම සිදුකරන ස්ථානය පිළිබඳව වැල්වැටිතුරෙයි පොලීසියට යුදහමුදාව විසින් දැනුම් දීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිසිය විසින් සැකකරුවන් සහ ආයුධ අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් පිරිස් ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයින් බවටත් පසුගිය දිනයන්හි යාපනය දිස්ත්‍රීක්කයේ සිදු වූ පහරදිම් හා පුද්ගල තුවාල සිදුකිරීම් සමබන්ධයෙන් සෘජු සම්බන්ධයන් ඇති බවට පොලීසිය සැක පල කර සිටියි.

සැකකරුවන් අවුරුදු  වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20 ත් 40 ත් වයස්හි පසුවන් අතර ඔවුන් පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන වැල්වැටිතුරෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය .

– වන්නි රොමේෂ් මධුෂංඛ


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads