පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගේ සභාපතිත්වයෙන් යුතුව පත් කරන ලද ‘එක රටක් එක නීතියක්’ සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ගැන සාකච්ඡා කිරීම සඳහා අධිකරණ ඇමති අලි සබ්රි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.
රු500/- සුපිරි I Phone Case එකක් ගන්න Photo එක උඩ Click කරන්න

ජනාධිපතිවරයා තම ස්කොට්ලන්ත සංචාරය නිමවා ඊයේ දිනයේ මෙරටට පැමිණි අතර ඔවුන් දෙදෙනා හමුවන්නේ කවදාදැයි මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා නොවේ.
එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකාය විසින් කෙටුම්පතක් සකස් කර එළඹෙන පෙබරවාරි මාසය වන විට අවසන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට සම්බන්ධයෙන් අලි සබිරි මහතා කලකිරීමට පත්ව ඇති බවද වාර්තා වේ.
එම බලකාය පත් කිරීම සම්බන්ධයෙන් අලි සබ්රි මහතාගෙන් උපදෙස් ලබා නොගත් බවට ද වාර්තා වෙයි.
කෙසේ වෙතත් මෙම පත්කිරීම පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා තවමත් සෑහීමකට පත් වී නැති අතර ඔහු ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා හමුවීමට අපේක්ෂා කරන බවද සදහන්ය.
එම කාර්ය සාධක බලකාය සම්බන්ධයෙන් මුස්ලිම් ආගමික නායකයන් විසින් එල්ල කරන පීඩනය මත අධිකරණ අමාත්‍යවරයා ධුරයෙන් අස්වීමට සූදානමින් ඇති බවට වාර්තා වුවද පසුව ඔහු මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර නැති බවයි.


