යාපනය නාවන්තුරෙයි ප්‍රදේශයේදි කිලෝ 300 කට ආසන්න බරකින් යුතු දුර්ලබ වර්ගයේ විශාල කැස්බෑවෙකු රැගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
මේ දවස්වල වැස්ස නේ බයික් එකේ යන කොට බෑග් එක තෙමෙනව නේ මෙන්න සුපිරි විසදුම... වතුර නොවදින BAG COVER එකක් ගන්න

කොට්ඨාශ අපරාධ අංශයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව ඊයේ සවස නාවන්තුරෙයි ප්‍රදේශයේ මාර්ගයක කල සෝදිසි මෙහෙයුමකදී සැකකරුවෙකු විසින් අදාල කැස්බෑවා බට්ටා වර්ගයේ කුඩා ලොරි රථයකින් පවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.
කැස්බෑවා පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කරන අවස්ථාවේදීද ජවතුන් අතර හා යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බවටද වාර්ථා වෙයි.
කැස්බෑවා යහපත් සෞඛ්‍ය තත්වයේ සිටීම හේතුවෙන්අද (12) දින යාපනය අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයන් යටතේ වනජීවි කාර්යාලයේද සහය ඇතිව නැවත මුහුදටම මුදා හැරීමට යාපනය පොලීසිය පියවර ගෙන ඇත.
අදාල කැස්බෑවා ඉතා දුර්ලබ ගනයේ අයෙකු වන අතරම ඉතා විශාල වන බවටද වාර්ථාවන අතරම මෙම කැස්බෑවා අධික මිලකට විකිණීම සඳහා රැගෙන යාමේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවට දිසා අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.
අත්අඩංගුවට ගත් සැකකරු නාවන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකු වන අතර සැකකරු විසින් බට්ටා ලොරි රථයද කුලීපදනම මත ලබාගෙන කැස්බෑවා රැගෙන ගොස් ඇති බවටද අනාවරනය වී ඇත.