පාකිස්ථානයේදී අමානුෂික ලෙස ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාරගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබෙනවා.
රු500ට Bamboo Charcoal Black Head Remover

ඒ අනුව ඔහුගේ හිසේ සිට පාදාන්තය දක්වා මුළු සිරුරම දැඩිව පිළිස්සී ඇති අතර ශරීරයේ අභ්‍යන්තර කොටස්වලට දැඩි හානි සිදුව තිබූ බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.
කෙසේවෙතත් කැපුම් තුවාල හේතුවෙන් වෙන්වී තිබූ සිරුරේ කොටස් සකස් කිරීමෙන් අනතුරුව මෘත දේහය ලාහෝර් පොලීසියට භාරදීමට කටයුතු කර තිබෙනවා.
මේ අතර ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 235ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සේවය කළ සියල්කොට් නුවර රාජ්කෝ ඇඟළුම් කම්හලේ සේවකයන් 900කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන මොහොමඩ් තල්හා සහ ෆර්හාන් ඉද්රීස් ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටිනවා.
පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ ඔවුන් රහස් ස්ථානයකට රැගෙන ගොස් තිබෙන බවයි.